Latest News & Events

ආයතනය විසින් NIOSH නිල ලාංඡනය අනවසරයෙන් භාවිත කිරීම.

Notices

TL Care Campus නම් පෞද්ගලික ආයතනයක් විසින් ඔවුන්ගේ සිය මෑත කාලීන ෆේස්බුක් (Facebook) ප්‍රචාරණ කටයුතු සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) නිල ලාංඡනය කිසිදු අවසරයකින් තොරව භාවිත කර ඇති බව මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

TL Care Campus නම් පෞද්ගලික ආයතනය සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) අතර කිසිදු අනුබද්ධතාවයක්, හවුල්කාරිත්වයක් හෝ නිල සබඳතාවයක් නොමැති බව ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) ප්‍රකාශ කර සිටියි. එපමණක් නොව, එම ආයතනය සහ TL Care Campus නම් පෞද්ගලික ආයතනය අතර කිසිදු ආකාරයක ගනුදෙනුවක්, ගිවිසුමක් හෝ ව්‍යාපාරික සබඳතාවයක් පවත්වා නොමැති බව ද ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH) වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මෙලෙස TL Care Campus නම් වන ආයතනය විසින් NIOSH ලාංඡනය භාවිත කිරීම අනවසර ක්‍රියාවක් වන අතර, එමගින් NIOSH ආයතනය සහ TL Care Campus අතර නිල සබඳතාවයක් පවතින බවට මහජනතාව නොමග යා හැකිය. එබැවින්, මේ පිළිබඳව දැඩිව විමසිලිමත් වන ලෙසත්, NIOSH ආයතනයේ නිල සන්නිවේදන මාර්ග ඔස්සේ ඊට අදාල තොරතුරු තහවුරු කරගන්නා ලෙසත් මහජනතාවට මෙයින් දැඩි ලෙස උපදෙස් දෙනු ලැබේ.

ස්තුතියි – මීට විස්වාසී

සරත් කලුගමගේ
ප්‍රවෘත්ති නිලධාරී
විමසීම් : +94718000103

Leave a Reply