Latest News & Events

බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් අතුරුගිරියේදී.

Notices

බලහත්කාරී ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් ඊයේ (18) පෙරවරුවේදී අතුරුගිරියේ පිහිටි ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී ආරම්භ කෙරිණි. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson,කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ විධායක අධ්‍යක්ෂ – නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ කෙරිණි. 

මෙහිදී, බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහයන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson මහත්මියගේ විශේෂ ඇගයිමට ද ලක්විය.  

බස්නාහිර සහ සබරගමුව පළාත් දෙක නියෝජනය කෙරෙන පරිදි කම්කරු දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යන ආයතනවලින් තෝරා ගන්නා ලද නිලධාරීන්ට බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව දැනුම සහ මගපෙන්වීම ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරුණු අතර ඒ සඳහා සම්පත් දායකත්වය එම ආයතන විසින් ලබා දෙන ලදි .   

Leave a Reply