Latest News & Events

කම්කරු නීති සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුව ජාතික කම්කරු උපදේශක සභාවේ(NLAC) අදහස් විමසයි.

Notices

කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවට ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීම සඳහා සංවිධානය කරන ලද විශේෂ හමුවක්,පහුගියදා (27) නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කමිටුවේ සභාපති – කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හමුව පැවැත්විණි.

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන පනත් 49 ක් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර ඒ අතරින් සමහර පනත් වර්තමානයේ සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.

මෙම පනත් සංශෝධන ක්‍රියාවලිය හරහා දැනට සක්‍රීය තත්ත්වයේ පවතින පනත් අතරින් පනත් 12 ක් සංශෝධනය කොට, ශ්‍රම ප්‍රමිතීන්,කාර්මික සබඳතා,වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය, සහ වෘත්තීය සමිති යනුවෙන් නව පනත් 4 ක් ලෙස සම්මත කිරීමට අදහස් කර ඇති බව,සංශෝධන සම්බන්ධයෙන් කටයුතු කරන මෙම කමිටුව ජාතික කම්කරු උපදේශක සභාවට (NLAC) පෙන්වා දුන්නේය. එහිදී ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) නියෝජනය කරන සේව්‍ය – සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් විසින් මෙම පනත් සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම ද සිදුවිය.   මෙම අවස්ථාවට, කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුව නියෝජනය කරනු ලබන නියෝජිතයන් සහ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරනු ලබන සේව්‍ය – සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් එක්ව සිටියහ.

Leave a Reply