My No: ML/IAU/GEN/I
Date: 2025.10. 31
සියලුම අංශ ප්‍රධානීන්
රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම
ජනාධිපති ලේකම්ගේ අංක PS/ACD/01/2019 සහ 2019.07.04 දිනැති චක්‍ර ලේඛය අනුව මෙම අභ්‍යන්තර චක්‍රලේඛය නිකුත් කරනු ලැබේ.
1. අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම
රාජ්‍ය නිලධාරින්ගේ සුපිළිපන්න භාවය තහවුරු කරමින් අල්ලසෙන් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කිරීමේ අත්‍යවශ්‍ය වැදගත්කම කෙරෙහි රජයේ ප්‍රමුඛතම අවධානය යොමුව ඇත.
ඒ අනුව රාජ්‍ය අංශය තුළ ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග හඳුන්වා දීම, 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත, අල්ලස් හා දූෂණ වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) සහ රජයේ අනෙකුත් ප්‍රතිපත්ති අරමුණු සමඟ අනුගත වේ.
ජනාධිපති ලේකම්ගේ අංක PS/ACD/01/2019 සහ 2019.07.04 දිනැති චක්‍රලේඛය මගින් දන්වා ඇති පරිදි ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුල පිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්න භාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, රජයේ සේවාවන් සියලුම පුරවැසියන්ට ඵලදායී ලෙස සැපයීම සඳහා **සියලුම රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය (Internal Affairs Unit - IAU) පිහිටු වීමට තීරණය කර ඇත.**
2. අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධාන අරමුණු
සෑම ආයතනයකම අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කෙරේ:
- ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
- ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
- ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
- විෂමාචාර වාර්තා කිරීම දිරිගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රම වේදයක් සකස් කිරීම.
- නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
3. අභ්‍යන්තර කටයුතු ඒකකයේ ව්‍යුහය සහ කාර්ය මණ්ඩලය
3.1 අභ්‍යන්තර කටයුතු ඒකකය සඳහා සුදුසු කාර්ය මණ්ඩලය පත් කිරීම **ආයතන ප්‍රධානියාගේ වගකීම** වේ. ඒ අනුව, එහි සංයුතිය පහත පරිදි විය යුතුය:
- ඒකකයේ ප්‍රධානි ලෙස **ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරියෙක්**
- ආයතනයේ **සුපිළිපන්න නිලධාරියා**
- ආයතනය තුළ ඇති අංශ/ ඒකක සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩල සංඛ්‍යාව මත පදනම් ව ආයතනයේ අංශ/ ඒකක නියෝජනය කරන **සාමාජිකයින් 5-15 ක්**.
- **සහායක කාර්ය මණ්ඩලයක්**
3.2 නිලධාරීන්ගේ ස්ථාන මාරුවක්, විශ්‍රාම ගැනීමක්, නව රාජකාරි පැවරීමක් හෝ වෙනත් හේතුවක් මත අභ්‍යන්තර කටයුතු ඒකකයේ පුරප්පාඩුවක් ඇති වුවහොත්, ඒකකයේ කාර්යයන් බාධාවකින් තොරව සිදු කර ගෙන යාම සඳහා **නව නිලධාරින් පත් කිරීමට ආයතන ප්‍රධානියා විසින් පියවර ගත යුතුය**. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි කාර්යයන් කරගෙන යාමට අවශ්‍ය පරිපාලන සහ අනෙකුත් සහය ලැබෙන බවට ද **ආයතන ප්‍රධානියා සහතික විය යුතුය**.
4. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි වගකීම් සහ කාර්යයන්
ආයතනික සුපිළිපන්නභාවයේ ප්‍රධාන අංග ඉලක්ක කර ගනිමින් ක්‍රියාශීලී, පැහැදිලි සහ කේන්ද්‍රගත දුෂණ විරෝධී ප්රයත්නයන් තහවුරු කිරීම සඳහා පහත සඳහන් නිශ්චිත වගකීම් සහ කාර්යයන් අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත පැවරී ඇත.
- ආයතනය තුළ පවතින **පද්ධතිමය බාධාවන් (systemic bottlenecks) හඳුනා ගැනීම** සඳහා වත්මන් ක්‍රියා පටිපාටි සහ චක්‍ර ලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
- **දූෂණ අවදා නම් ඇගයිම් (Corruption Risk Assessment) සිදු කිරීම** මඟින් ආයතනය තුළ දුෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
- ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිශ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපාය මාර්ග ඇතුළත් **ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම**.
- **ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග වලට අනුකූල වීම**, ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළගැස්වීම.
- 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දූෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයිම සඳහා **අනුකූල සමාලෝචන (Compliance Assessments) සිදු කිරීම** සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හදුනාගැනීම.
- සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා **වත්කම් ප්‍රකාශන අවශ්යකාවලට අනුකූල වීම සහතික කිරීම** සහ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනාකරණය කිරීම.
- ආයතනය තුළ දූෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ **පැමිණිලි භාර ගැනීම සහ කළමනා කරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම**, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශ්වකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම.
- ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන **පුරවැසි ප්රඥප්තියක් සංවර්ධනය කර ප්‍රකාශයට පත් කිරීම**.
- රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත **ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව, සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම**.
- දුෂණ විරෝධී මුල ධර්ම වලට කැප වී සිටීමට අභිප්‍රේරණයක් ලෙස **කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම** ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
- ජාතික දූෂණ විරෝධී සුපිළිපන්න ඇපයීම (National Anti-Corruption Integrity Assessment) සඳහා **ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම**, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලීන් සඳහා ආයතනය සහභාගි වන බව සහ ඒ සමඟ පෙළ ගැසෙන බව සහතික කිරීම.
- ඒකකයේ රාජකාරී ක්‍රියාත්මක කිරීමේදි අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා **අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම**.
- අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම් වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සරාංශගත කරමින් **කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම**.
- පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් **සුපිළිපන්නතාවය වර්ධනය කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම**.
5. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි රැස්වීම්
අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් **සෑම මසකට වරක් ඒකක මට්ටමින් රැස්වීමක්** කැඳවිය යුතු අතර, **කාර්තුමය පදනමින් ආයතන ප්‍රධානියාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම්** කැඳවිය යුතුය. අභ්‍යන්තර කටයුතු ඒකකය විසින් එවැනි සියලුම රැස්වීම් වල සාකච්ඡා කාරණා ලේඛනගත කිරීම, විනිවිදභාවය සඳහා වාර්තා පවත්වා ගෙන යෑම සහ ගනු ලබන තීරණ පිළිබඳ නිසි පසු විපරමින් සිදු කිරීම සහතික කරනු ඇත.
තවද, සුපිළිපන්න රාජ්‍ය සේවයක් උදෙසා වන පැමිණිලි / යෝජනා/ අදහස් අභ්‍යන්තර කටයුතු ඒකකය වෙත ඉදිරිපත් කළ හැකි ක්‍රමවේද:
මේ සම්බන්ධයෙන් ඔබ අංශයේ සියලුම කාර්යය මණ්ඩල නිලධරයින් **දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි**.