කම්කරු අමාත්‍යාංශය
සාධාරණ රැකියා ප්‍රවර්ධනය කිරීම, කම්කරු අයිතිවාසිකම් සුරැකීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙහෙයවන සක්‍රීය ශ්‍රම බලකායක් ගොඩනැගීමට කැපවී සිටී.
කම්කරු අමාත්‍යාංශය පිළිබඳව
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජ ආරක්ෂණය, කාර්මික සාමය තහවුරු කිරීම, රැකියා වෙළඳපොල සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම, රැකියාගත කිරීම සහ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීම, වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආරක්ෂණය තහවුරු කිරීම තුලින් දේශීය ශ්‍රම බලකාය ආර්ථික සංවර්ධනයට වන දායකත්වය ඉහල නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධාන මෙහෙවර වේ.
මෙම මෙහෙවර ඉටු කිරීමේදී තිරසර සංවර්ධන අරමුණු සහ ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් මෙන්ම 2024.11.25 දිනැති අංක 2412/08 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් කාර්යයන් හා කර්තව්‍යයන් මත පදනම්ව අමාත්‍යාංශයේ වැඩසටහන් පෙල ගස්වා ඇත. එම ගැසට් නිවේදනය ප්‍රකාරව රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා කම්කරු විෂය පථයට සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි විෂය පථයන්ට අදාලව ප්‍රතිපත්ති සම්පාදනය, වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.
අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන
කම්කරු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකායේ බහුතරය නියෝජනය කරනු ලබන පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවක ප්‍රජාව වෙත කම්කරු නීති මඟින් හිමිකර දී ඇති අයිතිවාසිකම් තහවුරු කිරීම, සේව්ය - සේවක සබඳතාවය ප්‍රවර්ධනය කිරීම තුළින් සහ ආයතන මට්ටමින් කාර්මික සාමය සුරක්ෂිත කිරීම තුළින් සුනිසි වැඩ පරිසරයක් ඇති කිරීම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වේ.
වසර සියයකට අධික ඉතිහාසයක් හිමි කම්කරු දෙපාර්තමේන්තුව, වර්තමානය වන විට ඩිජිටල්කරණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත. විශේෂයෙන්ම විද්‍යුත් සේවාවන් (e-services) හඳුන්වා දීම මඟින් සේවාලාභීන්ට තම අවශ්‍යතා වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව ඉටු කර ගැනීමට අවස්ථාව උදාවනු ඇත.
එසේම සේවා යෝජක-සේවක සබඳතාවයන් පෝෂණය කරමින් සහ සේවක අයිතීන් ශක්තිමත් කරමින් කාර්මික සාමය ප්‍රවර්ධනය උදෙසා දෙපාර්තමේන්තුව ක්‍රියාකාරීව කටයුතු කරනු ලැබේ.
ක්ෂණික පිවිසුම්
අපගේ වඩාත්ම වැදගත් ද්වාර සහ සේවාවන් වෙත සෘජු ප්‍රවේශය.
NLAC
ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) — උපදේශනාත්මක කම්කරු පාලනය සහ සාමාජීය සංවාදය.
අම්පාර සංචාරක බංගලාව
අම්පාරේ පිහිටි අමාත්‍යාංශයේ සුවපහසු සංචාරක බංගලාව අන්තර්ජාලය ඔස්සේ වෙන් කරගන්න.
ඉගෙනුම් පද්ධති
ඔබේ දැනුමට අදාළ දේශීය හා විදේශීය ප්‍රකාශන වෙත ප්‍රවේශ වන්න.
නවතම පුවත්
අමාත්‍යාංශයට අදාළ නවතම පුවත්, යාවත්කාලීන නිවේදන කියවන්න.
RTI
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ තොරතුරු ඉල්ලීම් ඉදිරිපත් කරන්න.
පැමිණිලි
WhatsApp හරහා අමාත්‍යාංශයට සහ CMS පද්ධතිය හරහා කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි යොමු කරන්න.
නවතම පුවත්
සියල්ල නරඹන්නසමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට හා ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගයට (2025–2035) අනුකූලව සකස් කරන ලද මෙම ක්‍රියාකාරී...
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණු මෙවර ජාතික කම්කරු උපදේශක සභා (National Labour Advisory...
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වූ ශ්‍රම වාසනා අරමුදල 2026...