අප ගැන
හැඳින්වීම
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජ ආරක්ෂණය, කාර්මික සාමය තහවුරු කිරීම, රැකියා වෙළඳපොල සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම, රැකියාගත කිරීම සහ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කිරීම, වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය ආරක්ෂණය තහවුරු කිරීම තුලින් දේශීය ශ්‍රම බලකාය ආර්ථික සංවර්ධනයට වන දායකත්වය ඉහල නැංවීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම කම්කරු අමාත්‍යාංශයේ ප්‍රධාන මෙහෙවර වේ.
මෙම මෙහෙවර ඉටු කිරීමේදී තිරසර සංවර්ධන අරමුණු සහ ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර ඇති ජාත්‍යන්තර සම්මුතීන් මෙන්ම 2024.11.25 දිනැති අංක 2412/08 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයෙහි සඳහන් කාර්යයන් හා කර්තව්‍යයන් මත පදනම්ව අමාත්‍යාංශයේ වැඩසටහන් පෙල ගස්වා ඇත. එම ගැසට් නිවේදනය ප්‍රකාරව රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා කම්කරු විෂය පථයට සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි විෂය පථයන්ට අදාලව ප්‍රතිපත්ති සම්පාදනය, වැඩසටහන් සහ ව්‍යාපෘති සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය හා පසුවිපරම මෙම අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යභාරය වේ.
අපගේ දැක්ම
"තෘප්තිමත් ඵලදායී ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක්"
අපගේ මෙහෙවර
"කාර්මික සාමය හා සහයෝගීතාව, සමාජ සුරක්ෂිතතාවය, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ඵලදායිතාව ප්‍රවර්ධනය තුලින් සමාජ ආර්ථික සංවර්ධනයට දායක වීම"
සංවිධාන සටහන
අමාත්‍යාංශ නායකත්වය
අපගේ නිලධාරීන්
අමාත්‍යාංශය යටතේ පවතින අංශ
පාලන හා ආයතන අංශය
පරිපාලන අංශය පරිපාලන, ආයතන හා නීති ලෙස උප අංශ තුනක් යටතේ ක්‍රියාත්මක වේ. අමාත්‍යාංශයේ පරිපාලනය, මානව සම්පත් කළමනාකරණය, සාමාන්‍ය නඩත්තුව, කාර්ය මණ්ඩල පුහුණු කිරීම සහ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධීකරණය කිරීම සහ ඒ අනුව රාජ්‍ය පරිපාලන හා ආයතන අංශ යටතේ සිදු කෙරේ.
එසේම පවත්නා කම්කරු නීති නව ප්‍රවණතා අනුව ගැලපෙන ලෙස යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම, අපරානුමත කරන ලද ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාවේ යෙදීමට හැකිවන නව නීති රීති හඳුන්වා දීම හා ක්‍රියාත්මක කිරීම සහ පසු විපරම් යනාදී කාර්යයන් නීති අංශය හරහා සිදු කෙරේ. මීට අමතරව පරිපාලන අංශය විසින් සිදු කෙරෙන කාර්යයන් පහත පරිදි වේ.
- අමාත්‍ය මණ්ඩල සංදේශ සෑදීම හා අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳ ක්‍රියාකිරීම.
- උපදේශක කාරක සභා, මහජන පෙත්සම් කාරක සභා වෙතින් සිදු කරන යොමු කිරීම් සඳහා පිළිතුරු සැපයීම මෙන්ම පාර්ලිමේන්තු ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම.
- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල වාර්ෂික වාර්තා සහ කාර්යසාධන වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නියමය පරිදි අදාළ නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ එකතු කිරීම හා ඉදිරිපත් කිරීම.
- අමාත්‍යාංශය සතු අමතර සංචාරක බංගලාව වෙන් කිරීම, නඩත්තු හා පරිපාලන කටයුතු සිදු කිරීම.
- අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතන සතු ඉඩම් හා ගොඩනැගිලි සම්බන්ධ කටයුතු.
- අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සම්බන්ධ කටයුතු.
- ජූලි වර්ජිත ගෙවීම් සම්බන්ධ කටයුතු.
රාජ්‍ය සේවා විශිෂ්ටත්වය උදෙසා අපගේ කැපවීම
පුරවැසි ප්‍රඥප්තිය මඟින් සියලුම පුරවැසියන් වෙත විශ්වාසනීය, කාලෝචිත හා උසස් තත්ත්වයේ සේවාවන් සැපයීමට අමාත්‍යාංශයේ ඇති කැපවීම නිරූපණය වේ. එය අපගේ සේවා ප්‍රමිතීන්, වගකීම් සහ මහජනතාවගේ අයිතිවාසිකම් පැහැදිලිව අර්ථ දක්වමින් සෑම ක්‍රියාවලියකම පාරදෘශ්‍යභාවය සහ වගවීම තහවුරු කරයි.
මෙම ප්‍රඥප්තිය හරහා අප අපේක්ෂා කරන්නේ විශ්වාසය ගොඩනැගීම, සේවා සැපයීම වැඩිදියුණු කිරීම සහ අප සේවය කරන ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂාවන්ට ප්‍රමුඛතාවය දෙන ප්‍රතිචාරාත්මක පද්ධතියක් නිර්මාණය කිරීමයි.