ජාතික කම්කරු උපදේශක සභාව (NLAC)
ජාතික කම්කරු උපදේශක සභාව (NLAC)
ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) යනු ත්‍රිපාර්ශ්වික විමර්ශන සම්මුතිය අපරානුමත කිරීමෙන් පසුව, සමාජ හා කම්කරු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් පිළිබඳව ජාතික මට්ටමින් රජය, සේව්‍ය සහ සේවක සංවිධාන අතර සාකච්ඡා සහ සහයෝගීතාව සඳහා 1994 දී පිහිටුවන ලද ජාතික ත්‍රිපාර්ශ්වික උපදේශක යාන්ත්‍රණයයි. කම්කරු විෂය භාර අමාත්‍යවරයා සභාවේ සභාපතිවරයා වේ. ආරම්භයේ සිටම සාර්ථකව ක්‍රියාත්මක වන NLAC, රට තුළ කාර්මික සාමය පවත්වා ගැනීමට උපකාරී වී ඇත. කම්කරු ප්‍රතිපත්ති පිළිබඳ NLAC හි මතය බොහෝ සංසදවල ඉහළින් අගය කරනු ලබන අතර ප්‍රතිපත්ති සම්පාදනයේදී ඊට නිසි සැලකිල්ලක් දක්වයි.
NLAC හි අරමුණු පහත පරිදි වේ;
- සමාජ හා කම්කරු ගැටලු සම්බන්ධයෙන් රජය සහ සේව්‍ය සහ සේවක සංවිධාන අතර සමාජ සංවාදය ප්‍රවර්ධනය කිරීම.
- සමාජ හා කම්කරු ප්‍රතිපත්ති, කම්කරු නීති සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් අපරානුමත කිරීම, යෙදවීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධ කරුණුවලදී සේව්‍ය සහ සේවක සංවිධානවල අදහස්, උපදෙස් සහ සහාය ලබා ගැනීමට රජයට සංසදයක් සැපයීම.
- ආර්ථිකය සංවර්ධනය කිරීම, වැඩකරන පරිසරය වැඩිදියුණු කිරීම සහ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් රජය සහ සේව්‍ය සේවක සංවිධාන අතර පරස්පර අවබෝධය, යහපත් සබඳතා සහ සමීප සහයෝගීතාව වර්ධනය කිරීම.
NLAC හි කාර්යයන් පහත පරිදි වේ;
පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් රජය සහ සේව්‍ය සේවක සංවිධාන අතර සාකච්ඡා සහ සහයෝගීතාව පැවැත්වීම;
- ජාතික ආයතන පිහිටුවීම සහ ඒවා ක්‍රියාත්මක වීම
- සේව්‍ය සහ සේවකයින්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම්වලට බලපාන නීති සහ රීති සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
- කම්කරු ප්‍රමිතීන් අපරානුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට යවන පිළිතුරු පිළිබඳ කරුණු සලකා බැලීම
සංයුතිය
- ගරු කම්කරු අමාත්‍යවරයා NLAC හි සභාපතිවරයා ලෙස කටයුතු කරයි
- අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශයේ සුදුසු නිලධාරියෙකු NLAC හි ලේකම්වරයා ලෙස පත් කරයි
- ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රවල සේව්‍ය සහ සේවකයින් නියෝජනය කරන වඩාත්ම නියෝජිත සංවිධාන අතරින් ගරු අමාත්‍යවරයා විසින් NLAC හි නියෝජනය වන සංවිධාන තෝරා ගනු ලැබේ
NLAC ක්‍රියාත්මක වන ආකාරය
- NLAC හි ධුර කාලය වසර එකකි
- අඩුම තරමින් මසකට වරක්වත් අමාත්‍යවරයා තීරණය කරන පරිදි NLAC රැස්වීම් නියමිත පරිදි පැවැත්වේ
- අවශ්‍ය සෑම විටම විශේෂඥ සහාය ඇතිව, විශේෂ කරුණු අධ්‍යයනය කර NLAC වෙත වාර්තා කිරීම සඳහා ත්‍රිපාර්ශ්වික කාර්මික කාරක සභා සහ විශේෂ කාරක සභා පත් කළ හැකිය.
ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජිකයින්
| අංකය | නම | තනතුර | වෘත්තීය සමිතියේ නම |
|---|---|---|---|
| 01 | වජිර ඇල්ලේපොල මහතා | අධ්‍යක්ෂ ජනරාල් | ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය |
| 02 | අදිල් කාසිම් මහතා | නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් | ලංකා සේවා යෝජකයන්ගේ සම්මේලනය |
| 03 | කීර්තනා ක්‍රිෂ්ණකුමාර් මිය (නීතිඥ) | ජ්‍යෙෂ්ඨ නීති උපදේශක, සමූහ නීති අංශය සහ උප සභාපති | ජෝන් කීල්ස් සමූහය |
| 04 | ජයේන්ද්‍ර ද සිල්වා මහතා | සාමාන්්‍යාධිකාරී - සමූහ මානව සම්පත් කළමනාකරණය | හේලීස් පීඑල්සී |
| 05 | සුරේෂ් නොයෙල් මුත්තයියා මහතා | සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී | ඇයිට්කන් ස්පෙන්ස් කෝපරේට් ෆයිනෑන්ස් (පුද්) සමාගම |
| 06 | ගීතා යසනායක මිය | සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරී | කාගිල්ස් (සිලෝන්) පීඑල්සී |
| 07 | ධම්මික ප්‍රනාන්දු මහතා | සභාපති | නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය |
| 08 | චරක ගුණවර්ධන මහතා | අධ්‍යක්ෂ - මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර | එම්ඒඑස් ඇක්ටිව් |
| 09 | ශිරාන් ප්‍රනාන්දු මහතා | ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක | ලංකා වාණිජ මණ්ඩලය |
| 10 | හේමන්ත බාලසූරිය මහතා | ගරු ලේකම් | ශ්‍රී ලංකා ආහාර සකසන්නන්ගේ සංගමය |
| 11 | ලලිත් ඔබේසේකර මහතා | ලේකම් ජනරාල් | ලංකා වැවිලිකරුවන්ගේ සංගමය |
| 12 | යොහාන් ලෝරන්ස් මහතා | ලේකම් ජනරාල් | ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය |
| 13 | සම්පත් ජයසුන්දර මහතා | SLASSCOM අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී/ අධ්‍යක්ෂ - hSenid Business Solutions | ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය |
| 14 | එම්.ඩී.එස් හේමන්ත කුමාර පෙරේරා මහතා | ලේකම් ජනරාල් | ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් මණ්ඩලය |
| 15 | කැප්ටන් ලාල් තැන්නකෝන් | ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජනරාල් | ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය |
| 16 | එච්.ටී චමින්ද මහතා | උප සභාපති - මානව සම්පත් | ඇසෝසියේටඩ් සීට් (පුද්) සමාගම |
| 17 | කවීන්ද රාජපක්ෂ මහතා | ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති | ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය |
සන්නිවේදන තොරතුරු
බී. වසන්තන් මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (විදේශ සබඳතා)
- දුරකථන: +94-11-2368609
- ෆැක්ස්: +94-11-2368609
- විද්‍යුත් තැපෑල: sasfr@sltnet.lk