කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ට සහතිකපත් ලබාදීම
වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ පුහුණු පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ කම්කරු දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන නිලධාරීන්ට හිමි සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (14) නාරාහේන්පිට – කම්කරු මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මානව සම්පත් සංවර්ධන නිලධාරීන් 35 දෙනෙකුට එහිදී සහතිකපත් ප්රදානය කෙරිණි.
මෙම සහතිකපත් ප්‍රදානෝත්සවයට කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (පාලන) දිලේකා කුඩාච්චි සහ අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් (ඉංජිනේරු) කේ.එම්.යූ.බී.කුලසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූපවලින් දැක්වෙන්නේ එම උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයකි.




