පුවත් සහ සිදුවීම්

කම්කරු දෙපාර්තමේන්තුවට නවක කම්කරු නිලධාරීන් 38 ක් බඳවා ගැනෙයි.

නවක කම්කරු නිලධාරීන් 38 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පසුගියදා (16) පෙරවරුවේ නාරාහේන්පිට – මෙහෙවර පියේස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදුවිය. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

එදින පත්වීම් ලද කම්කරු නිලධාරීන් 38 දෙනාට කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය තුළ මාස තුනක ආයතනික පුහුණුවක් සහ මාසයක ක්ෂේත්‍ර රාජකාරි පුහුණුවක් ලබා දීමට ද නියමිත ය.

පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු රැසක් ද එක්ව සිටියහ.