EPF Online වෙයි.
Online මගින් EPF සාමාජිකත්වය ලබාදීම ආරම්භ කිරීමේ උත්සවය පසුගියදා කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට – කම්කරු මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
වැඩසටහන ආරම්භ කරමින් කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් ලබාදීම මින් ඉදිරියට ඩිජිටල්කරණය වන බව යි. උසස්ම තාක්ෂණය මෙරටට ගෙන ඒමත්, එම තාක්ෂණයේ ප්රතිලාභ මහජනතාව අතරට ගෙන යාමත් වෙනුවෙන් කම්කරු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි වීම,ගෙවීම් සිදු කිරීම් ආදිය මෙතෙක් අමාත්‍යාංශයට පැමිණ භෞතිකව සිදු කළ යුතු කාර්යයන් වූ අතර,එමනිසා සේවායෝජකයන්ගේ මෙන්ම සේවකයන්ගේ ද කාලය,ශ්‍රමය සහ මුදල් නිකරුණේ නාස්ති වූ බවත්, එය සෘජුවම නිෂ්පාදන ක්‍රියාවලියට බාධා එල්ල කරන්නක් වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉදිරියේදී රටේ නිෂ්පාදන ඵලදායිතාවය වර්ධනය කර ගැනීමට මෙන්ම ප්රතිලාභ සාධාරණ ලෙස මහජනතාව අතර බෙදී යාම වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් මෙම තාක්ෂණය උපරිමයෙන් භාවිත කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.
මෙම උත්සව අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සේව්‍ය – සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් රැසක් ද එක්ව සිටියහ.














