ආබාධ සහිත පුද්ගලයින් සඳහා සේවා සැපයීම වැඩිදියුණු කිරීම පිළිබඳව සංවේදීකරණය සඳහා වන වැඩමුළුවක් අද (20) පෙරවරුවේ ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංයේදී පැවැත්විණි. වැඩමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහභාගී විය.

 

Australian Aid හි, මැතිවරණ පද්ධතීන් පිළිබද ජාත්‍යන්තර ආයතනයේ (IFES) මූල්‍ය දායකත්වය ඇතිව කම්කරු අමාත්‍යාංශය විසින් එම අමාත්‍යාංශයේ සහ ඊට අයත් ආයතනවල මහජන සබඳතාවය සහිතව සේවය කරන මාණ්ඩලික නිලධාරීන් ඉලක්ක කරගෙන මෙම වැඩමුළුව සංවිධානය කරන ලදි.

 

සියළුම අමාත්‍යාංශ ඉලක්ක කරගෙන පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම වැඩමුළු මාලාවෙහි පළමුවැන්න ලෙස පැවැති මෙම වැඩමුළුවේදී ඊට සහභාගිවූ ආබාධ සහිත පුද්ගලයන් තමන්ට බාහිර සමාජයේදී මුහුණ දීමට සිදුවන විවිධ කටුක අත්දැකීම් හා රැකියාගත අවස්ථා ලබාගැනීමේදී මුහුණ දීමට සිදුවන ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලද අතර වැඩසටහනේ සම්පත්දායකයන් ලෙස හා වැඩසටහන මෙහෙයවීම ආබාධිත පුද්ගලයන් විසින්ම සිදු කිරීම විශේෂත්වයක් විය.

Leave a Reply