පුවත් සහ සිදුවීම්

කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන්ට AI තාක්ෂණය ගැන පුහුණුවක්

කම්කරු අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන්,සංවර්ධන නිලධාරීන් සහ කළමණාකරණ සේවා නිලධාරීන් ඇතුළු නිලධාරීන් 50 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා AI තාක්ෂණය පිළිබඳව මූලික දැනුම හා එදිනෙදා රාජකාරි කටයුතු සඳහා AI තාක්ෂණය භාවිතා කිරීම සම්බන්ධයෙන් මූලික පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා (14) නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

 

මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත්දායක්ත්වය ලබාදෙන ලද්දේ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ  විදේශ රැකියා අංශයේ අතිරේක ලේකම්(පාලන) ජේ.එස්.ප්‍රසාද් පියසේන විසින් ලබා දෙන ලදි.

 

ඡායාරූපවලින් දැක්වෙන්නේ එම වැඩසටහනේ විශේෂ අවස්ථා කිහිපයකි.

Leave a Reply