අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) - කම්කරු අමාත්‍යාංශ ලේඛනය                     

අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)

        
                        

ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද අංක PS/SB/Circular/2/2025 හා 2025 පෙබරවාරි 18 දිනැති චක්‍රලේඛය ප්‍රකාරව, කම්කරු අමාත්‍යාංශයේ **අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)** විධිමත් ලෙස ස්ථාපිත කර ඇත.

                        

අභ්‍යන්තර කටයුතු ඒකකයේ (IAU) ප්‍රධාන අරමුණු

       

සෑම ආයතනයකම අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) විසින් පහත සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීම අපේක්ෂා කෙරේ.

       
               
  1. ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම.
  2.            
  3. ආයතනයේ සියලුම ක්‍රියාකාරකම්වල විනිවිදභාවය (**Transparency**) සහ වගවීම (**Accountability**) සහතික කිරීම සහ ආයතනික ක්‍රියාකාරකම් සහ තීරණ සම්බන්ධ තොරතුරු වෙත මහජන ප්‍රවේශය සහතික කිරීම.
  4.            
  5. ආයතනය තුළ සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කිරීම.
  6.            
  7. විෂමාචාර වාර්තා කිරීම දිරි ගැන්වීම, තොරතුරු හෙළි කරන්නන් ආරක්ෂා කිරීම සහ රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා ආරක්ෂිත සහ ප්‍රවේශ විය හැකි ක්‍රම වේදයක් සකස් කිරීම.
  8.            
  9. නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විර්මශන කොමිෂන් සභාව (**CIABOC**) සමඟ සහයෝගයෙන් නීති බලාත්මක කිරීමට සහාය වීම.
  10.        
               

අභ්‍යන්තර කටයුතු ඒකකයේ (IAU) වගකීම් සහ කාර්යයන්

       
               
  1. ආයතනය තුළ පවතින පද්ධතිමය බාධාවන් (**systemic bottlenecks**) හඳුනා ගැනීම සඳහා වත්මන් ක්‍රියා පටිපාටි සහ චක්‍රලේඛ පරීක්ෂා කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඒවා සරල කිරීම.
  2.            
  3. දුෂණ අවදානම් ඇගයීම් (**Corruption Risk Assessment**) සිදු කිරීම මඟින් ආයතනය තුළ දුෂණයට හා සදාචාර විරෝධී හැසිරීම්වලට ගොදුරු විය හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම සහ ඉලක්කගත වැළැක්වීමේ පියවර ගැනීම.
  4.            
  5. ආයතනයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි සකස් කරන ලද නිෂ්චිත දූෂණ විරෝධී අරමුණු සහ උපායමාර්ග ඇතුළත් ආයතනික සුපිළිපන්න ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කිරීම.
  6.            
  7. ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම සමඟ ආයතනික ප්‍රතිපත්ති සහ භාවිතයන් පෙළ ගස්වමින් ජාතික දූෂණ විරෝධී උපාය මාර්ග වලට අනුකූල වීම.
  8.            
  9. 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනත ඇතුළු ජාතික හා ජාත්‍යන්තර දුෂණ විරෝධී නීති සමඟ ආයතනයේ අනුකූලතාව ඇගයීම සඳහා අනුකුලතා සමාලෝචන (**Compliance Reviews**) සිදු කිරීම සහ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හදුනා ගැනීම.
  10.            
  11. සියලුම රාජ්‍ය නිලධාරීන් සහ සේවා නියුක්තිකයින් සඳහා වත්කම් ප්‍රකාශන අවශ්‍යතා වලට අනුකූල වීම සහතික කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා නියෝග සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතට අනුකූලව බැඳියාවන් අතර ගැටුම් කළමනා කරණය කිරීම.
  12.            
  13. ආයතනය තුළ දුෂණ සහ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධ පැමිණිලි භාරගැනීම සහ කළමනා කරණය කිරීම සඳහා ආරක්ෂිත පද්ධතියක් ස්ථාපිත කිරීම, එවැනි සියලුම පැමිණිලි සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් හෝ ඒකක විසින් කඩිනමින් කටයුතු කරන බවට සහතික වීම සහ විනිවිදභාවය සහ වගවීම සහතික කරමින් විමසීම් සිදු කරන අදාළ පාර්ශ්වකරුවන් වෙත නිරන්තර යාවත්කාලීන කිරීම් ලබා දීම. අවශ්‍ය පරිදි, දුෂණ විරෝධී පනත යටතේ විමර්ශනය සඳහා අදාළ කරුණු, සොයා ගැනීම් හෝ තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම.
  14.            
  15. ආයතනය විසින් සපයනු ලබන සේවාවන් විස්තර කෙරෙන පුරවැසි ප්‍රඥප්තියක් සකස් කර ප්‍රකාශයට පත් කිරීම.
  16.            
  17. රාජ්‍ය නිලධාරීන් විසින් පිළිපැදිය යුතු ප්‍රමිතිගත ආචාර ධර්ම සංග්‍රහයක් ඇතුළුව සදාචාරාත්මක පාලනය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ බලාත්මක කිරීම.
  18.            
  19. දුෂණ විරෝධී මූල ධර්ම වලට කැපවී සිටීමට අභිප්‍රේරණයක් ලෙස කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සහ දැනුවත් කිරීම ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග ගැනීම.
  20.            
  21. අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ ජාතික දූෂණ විරෝධී රාමුව මඟින් මෙහෙයවනු ලබන සුපිළිපන්න ඇගයීම් ක්‍රියාවලින් සඳහා ආයතනය සහභාගී වන බව සහ ඒ සමඟ පෙළගැසෙන බව සහතික කරමින්, ජාතික දුෂණ විරෝධී සුපිළිපන්න ඇගයීම (**National Anti-Corruption Integrity Assessment**) සඳහා ආයතනික කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කිරීම.
  22.            
  23. ඒකකයේ රාජකාරි ක්‍රියාත්මක කිරීමේදී අඛණ්ඩ මගපෙන්වීම් සහ සහාය ලබා ගැනීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම.
  24.            
  25. අභ්‍යන්තර කටයුතු ඒකකයෙහි ක්‍රියාකාරකම්, දූෂණ විරෝධී මුලපිරීම්වල ප්‍රගතිය, මුහුණ දෙන අභියෝග සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නිර්දේශ සාරාංශගත කරමින් කාලානුරූපී සහ වාර්ෂික වාර්තා සකස් කිරීම.
  26.            
  27. පුද්ගලික අංශයේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන්, සුපිළිපන්නතා සංවර්ධන වැඩසටහන් සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
  28.        
                        

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය

       

අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය පහත වගුවේ දක්වා ඇත:

       
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                               
අංකය.අභ්‍යන්තර කටයුතු ඒකකයේ කාර්ය මණ්ඩලයනිලධාරියාගේ නම සහ තනතුරසම්බන්ධතා අංකයඊමේල් ලිපිනය
1අභ්‍යන්තර කටයුතු ඒකකයේ **ප්‍රධානී**ටී. පී. මුදිතා පත්මජායි මෙය.
අතිරේක ලේකම් (**සංවර්ධන**)
0718123025leagl@labourmin.gov.lk
2කම්කරු අමාත්‍යාංශයේ **සුපිළිපන් නිලධාරී**පී.ඩී. චන්දන පතිරගේ මයා.
අධ්‍යක්ෂ (**සංවර්ධන**)
0712273538pstchandana@gmail.com
3මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ **සුපිළිපන් නිලධාරී**සී.කේ. විජේමාන්න මීය.
අතිරේක අධ්‍යක්ෂ ජනරාල්
0776182082kumudinichampa@yahoo.com
4ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ **සුපිළිපන් නිලධාරී**ඩබ්ලිව්.ඩී.ඩී. වීරතුංග මිය.
පරිපාලන නිලධාරී
0776911027Deepikaweerathunga2@gmail.com
5ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ **සුපිළිපන් නිලධාරී**පී. එම්.සී.කේ. පෙරේරා මයා.
සහකාර අධ්‍යක්ෂ (**මුදල්**)
0773956382mohan@niosh.gov.lk
6ශ්‍රම වාසනා අරමුදලේ **සුපිළිපන් නිලධාරී**එච්.ඩබ්ලිව්. තිලකරත්න මයා.
කළමනාකරු
0712809917Thilak22@hotmail.com
7විදේශ සබඳතා අංශයේ සාමාජිකබී. වසන්තන් මයා.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (**විදේශ සබඳතා**)
071-8249900bvasanthan@yahoo.com
8ගිණුම් අංශයේ සාමාජිකඑස්.එස්. ශිරෝමා නන්දනී මීය.
ප්‍රධාන ගණකාධිකාරී
075-2261785shiromanandani@yahoo.com
9සැලසුම් අංශයේ සාමාජිකඑම්.පී.ඩී.සී. ඩබ්ලිව්. කුමාරි මයා.
නියෝජ්‍ය අධ්‍යක්ෂ (**ක්‍රම සම්පාදන**)
071-6897218Kuma Ig@yahoo.com
10ප්‍රසම්පාදන අංශයේ සාමාජිකඑස්. ලක්ෂිගා මීය.
සහකාර ලේකම් (**ප්‍රසම්පාදන**)
0779265869
11නීති අංශයේ සාමාජිකඩබ්ලිව්. පී. ඒ. ජී. විජේසූරිය මිය.
නීති නිලධාරී
0763526589gayaniew1@gmail.com
12මාධ්‍ය ඒකකයේ සාමාජිකඩබ්ලිව්.කේ.එස්. කුමාර මයා.
ප්‍රවෘත්ති නිලධාරි
0718000103sarathkalugamage@gmail.com
13සාමාජිකඑස්.ආර්. තේ නුවර මීය.
සංවර්ධන නිලධාරී
0712833681sawanithenuwara3@gmail.com
14සාමාජිකඩබ්ලිව්. ඒ. ආර්. එච්. වන්නි ආරච්චි මිය.
කාර්යාල සේවක සේවය
0719596380
15සාමාජික (**රියදුරු**)ඩබ්ලිව්.ඒ.ඒ.එස්. සේනාරත්න මයා.0765603863Anuradhasanjeewa234@gmail.com
       
                        

යෝජනා / අදහස්/ පැමිණිලි ඉදිරිපත් කිරීම

       
               
  • අපගේ සේවාවේ ගුණාත්මකභාවය සහ ඵලදායීතාවය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට ඔබට මෙයින් අවස්ථාව ලැබේ.
  •            
  • අපගේ අමාත්‍යාංශය තුළ සිදුවන කිසියම් විෂමතා, දූෂණ හෝ චෝදනා පිළිබඳව ඔබ දැනුවත් වුවහොත්, ඔබට එම තොරතුරු හෝ පැමිණිල්ල අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU) වෙත වාර්තා කළ හැකිය.
  •        
       

යෝජනා, අදහස්, තොරතුරු, හෝ පැමිණිලි පහත සඳහන් මාර්ග ඔස්සේ යොමු කළ හැකිය:

                
                       
                               
                    තැපෑලෙන් යොමු කිරීම:                    
                        අභ්‍යන්තර කටයුතු ඒකකය
                        කම්කරු අමාත්‍යාංශය
                        6 වන මහල, මෙහෙවර පියෙස, නාරාහේන්පිට
                        කොළඹ 05                    
               
           
                                    
                                අමාත්‍යාංශ පරිශ්‍රයේ පිහිටා ඇති පැමිණිලි පෙට්ටියට යොමු කිරීම.            
                                    
                                විද්‍යුත් තැපෑල: iaunit.mol@gmail.com            
                                    
                                දුරකථන: 011-2589267            
                                    
                                වට්ස්ඇප් අංකය: 0707227877            
       
               
           
           
       
               
           

කම්කරු අමාත්‍යාංශය (MINISTRY OF LABOUR)

           
                                6th Floor, "Mehewara Piyesa", Narahenpita, Colombo 05, Sri Lanka.             
           
               
Secretary: +94 112 368164
               
Office: +94 112 581991
               
Fax: +94 112 582438, +94 112 368100
                               
Email: slml@sltnet.lk, secretary@labourmin.gov.lk