කම්කරු අමාත්‍යාංශය
දේශපාලන හේතූන් මත ජාතික පේෂකම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය හා පූගොඩ පේෂ කර්මාන්තශාලාවල රැකියා අහිමි වූ සේවකයින්හට අවසාන බේරුම් කිරීමක් ලෙස සහන සැලසීම
ජාතික පේෂකර්මම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂ කර්‌මාන්තශාලාවල සේවය කරනු ලැබූ පිරිසක් විසින් වර්ෂ 1978 මාර්තු මාසයේදී වැඩ වර්ජනයක නියැලීම මත ඔවුන් සේවය අතහැර ගියා සේ සලකා සේවය අවසන් කර ඇත. එසේ රැකියාව අහිමි වූ සේවකයන් සඳහා සේවා කාලය නොසළකා එක් සේවකයකුට රු.50,025/- ක් බැගින් සේවකයන් 2401 දෙනෙකුට වන්දි මුදල් ලබා දීමට 2025.06.03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඔබ පහත දක්වා ඇති සුදුසුකම් සපුරාලූ එහෙත් මේ දක්වා වන්දි මුදල් ලබාගෙන නොමැති පුද්ගලයෙකු නම්, 2025.09.30 දිනට පෙර අයදුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස දැනුම්දෙනු ලැබේ.
වන්දි ලබා ගැනීමට සපුරාලිය යුතු සුදුසුකම්
⦿1978 මාර්තු මාසයේදී ජාතික පේෂකර්ම සංස්ථාවට අයත් තුල්හිරිය හෝ පූගොඩ පේෂ කර්මාන්ත ශාලාවල සේවය කර තිබීම හෝ එසේ සේවය කළ පුද්ගලයකුගේ කලත්‍රයකු වීම.
⦿එම කාලසීමාව තුළදී වැඩ වර්ජනයක නියැළීම හේතුවෙන් සේවය අවසන් කර තිබීම හෝ එසේ සේවය අවසන් වූ පුද්ගලයකුගේ කලත්‍රයකු වීම.
⦿අවසාන බේරුම් කිරීමක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව වෙතින් 2025 වර්ෂය තුළදී රු.50,025/-ක මුදල ලබා නොගත් අයකු වීම.
මීට අදාළ අයදුම්පත් පාලන අංශය, කම්කරු අමාත්‍යාංශය, 6 වන මහල, මෙහෙවර පියෙස, නාරාහේන්පිට, කොළඹ 05 යන ලිපිනයෙන් ලබා ගැනීම හෝ අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් (https://labourmin.gov.lk/) බා ත කිරීම සිදු කළ හැකි පේ..
සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2025.09.30 දින හෝ ඊට පෙර ලේකම්, කම්කරු අමාත්‍යාංශය, 6 වන මහල, මෙහෙවර පියෙස, නාරාහේන්පිට, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑල මගින් යොමු කිරීම හෝ අතින් භාරදීම සිදු කළ හැකි ය. අයදුම්පත බහා එවන ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ” තුල්හිරිය පුගොඩ වන්දි මුදල් ලබා ගැනීම” යනුවෙන් සටහන් කළ යුතුය.
වැඩි විස්තර සඳහා අමතන්න. කම්කරු අමාත්‍යාංශය – 0112581991/ 0112368267
කම්කරු අමාත්‍යාංශය
6 වන මහල
මෙහෙවර පියෙස
නාරාහේන්පිට
කොළඹ 05.