ළමා ශ්‍රමය තුරන් කිරීම පිළිබඳ වැඩසටහනක් යාපනයේදී….
සෑම වර්ෂයකම ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර ඒ යටතේ මෙම මස 22 වැනිදා යාපනය වෛදීෂ්වරන් විද්‍යාලයේදී ලෝක ළමා දින සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, එම පාසලේ පළමු ශ්‍රේණියේ සිට පස්වැනි ශ්‍රේණිය දක්වා වන පංතිවල ඉගෙනුම ලබන සිසු දරු දැරියන් අතින් ” පුංචි අපේ ළමා ලෝකය” මැයෙන් චිත්‍රයක් නිර්මාණය කරවීමටත්, ළමා ශ්‍රමය පිටු දැකීම අරමුණු කර ගත් දැනුවත් කිරීමක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීමටත් නියමිතව ඇත.
මෙම සැමරුම් උත්සවයට අමතරව යාපනය දිස්ත්‍රික්කයේ ළමා ශ්‍රමයට වැඩි අවධානම් සහිත ප්‍රදේශ දෙකකදී ළමා ශ්‍රමය පිටු දැකීම පිළිබඳ දැනුවත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමට සහ වීඩියෝ පටයක් තිරගත කිරීමටත්, කර්මාන්ත අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ සේවායෝජකයන්ට ළමා ශ්‍රමයෙන් තොර වැඩ පරිසරයක් නිර්මාණය කර ගැනීම පිළිබඳ දැනුම ලබා දීමටත් කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශය විසින් කටයුතු සංවිධානය කර ඇත.