නව කම්කරු කොමසාරිස් ජනරාල් අද වැඩ භාර ගනියි
නව කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස පත් කෙරුණු නදීකා වටලියද්ද මහත්මිය අද (24) පෙරවරුවේ නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තුවේදී වැඩ භාර ගත්තාය.
ගඟසිරිපුර කණිෂ්ඨ විද්‍යාලය,ගම්පොල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය සහ මහනුවර මහමායා බාලිකා විද්‍යාලය යන විදුහල්වල දීප්තිමත් ආදි ශිෂ්‍යාවක වන ඇය,පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිධාරිණියක් ද වේ. එසේම,ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශ්‍රම අධ්‍යයනය පිළිබඳව ද,ඕස්ට්‍රේලියාවේ Flinders විශ්වවිද්‍යාලයෙන් කාන්තා අධ්‍යයනය පිළිබඳව ද,එක්සත් රාජධානියේ South Wales විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව ද පශ්චාත් උපාධි ලබා ඇත.
2001 වර්ෂයේදී කම්කරු නිලධාරිනියක ලෙස රාජ්‍ය සේවයට එක්ව ඇති නදීකා වටලියද්ද මහත්මිය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත්තේ 2003 වර්ෂයේදීය. ඇය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෙමසාරිස්වරියක ලෙසත්,ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙසත්,ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියක ලෙස සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස මෙන්ම, රාජ්‍ය ආයතන රැසක විවිධ තනතුරු දරා ඇති පළපුරුදු රාජ්‍ය නිලධාරිනියකි.
නදීකා වටලියද්ද මහත්මිය කම්කරු දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ කම්කරු කොමසාරිස් ජනරාල් ධුරයට පත් තෙවැනි කාන්තාව ද වේ.මෙම වැඩ භාරගැනීමේ අවස්ථාවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම් පියතිස්ස යන මහත්වරුන් ඇතුළු කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ රැසක් ද එක්ව සිටියහ.