තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කල රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි ප්‍රදානය කිරීම
1978 වර්ෂයේ දී දේශපාලන හේතුන් මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්තශාලාවල සේවය කල රැකියා අහිමි වූ සේවකයන්ට වන්දි ප්‍රදානය කිරීමේ වැඩසටහනක් , කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට කම්කරු මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදි අද දින (30) පැවැත්විය.
අවසන් බේරුම්කිරීමක් ලෙස මෙම වන්දි මුදල ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
වන්දි ප්‍රදානය වෙනුවෙන් අද පැවති සංකේතාත්මක වැඩසටහනට ප්‍රතිලාභීන් තිස්දෙනෙකු සහභාගී කෙරුණු අතර සෙසු ප්‍රතිලාභ හිමි සේවකයන්ට දිස්ත්‍රික් කම්කරු කාර්යාල මඟින් සිය වන්දි මුදල ලබා ගැනීමට හැකියාව පවතී.
මෙම අවස්ථාව සඳහා කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ඇතුලු කම්කරු අමාත්‍යාංශයෙහි හා කම්කරු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීහු ද එක්ව සිටියහ.
-2025.05.30-
–