පුවත් සහ සිදුවීම්

ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය
කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී  2024-12-24 පෙරවරුවේ පැවැත්විණි.

කම්කරු නීති හා කාර්මික සබඳතා, කම්කරු නීතියේ ප්‍රායෝගික යෙදීම්, මානව සම්පත් කළමනාකරණ, ව්‍යාපාර පරිපාලනය, රාජ්‍ය ප්‍රසම්පාදනය හා කොන්ත්‍රාත් පරිපාලනය යන පාඨමාලාවන්ට අදාළ ඩිප්ලෝමාධාරීන් 375දෙනෙකුට අධික සහ සහතිකපත්‍රලාභීන් 300 දෙනෙකුට මෙහිදී සහතික පත්‍ර ලබාදෙන ලදි.

කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය අංක 2010/12 දරණ ජාතික ශ්‍රම අධ්‍යයන පනත යටතේ ස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනයකි. මෙම ආයතනය විසින් ශ්‍රම බලකාය සහ සේවා යෝජකයින් ඉලක්ක කර ගනිමින් කාර්මික සබඳතා, මානව සම්පත් කළමනාකරණය, ඵලදායීතාවය, කම්කරු නීති සහ සමාජ කතිකා යන ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කරගෙන පුහුණු පාඨමාලා රැසක් පවත්වනු ලබයි.

කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. ඩී සුරංග ගුණරත්ත යන මහත්වරුන් ඇතුඵ නිලධාරීහු රැසක් සහ විශාල පිරිසක් මෙම උත්සව අවස්ථාවට සිටියහ.

Leave a Reply