පුවත්
බලහත්කාර ශ්‍රමයෙන් තොර ශ්‍රී ලංකාවක් උදෙසා – රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව ඉදිරියට
බලහත්කාර ශ්‍රමය තුරන් කිරීම සහ ඒ ආශ්රිත අපරාධ හඳුනා ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන තෙදින නේවාසික ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ඊයේ (16) අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේදී ආරම්භ කෙරිණි.
බලහත්කාර ශ්‍රමය තුරන් කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ අන්තර් ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් 2025 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන් මාලාව අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, 2026 වසර තුළ සංවිධානය කරනු ලබන අවසන් වැඩසටහන ලෙස මෙම තෙදින වැඩමුළුව පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා බස්නාහිර හා දකුණු පළාත් නියෝජනය කරමින් කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලිසිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශයේ නිලධාරීහු සහභාගී වෙති.
2025 වසරේදී බලහත්කාර ශ්‍රමය තුරන් කිරීම සහ ඒ ආශ්රිත අපරාධ හඳුනා ගැනීම සම්බන්ධයෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ (Training of Trainers – ToT) වැඩසටහනක් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික සහයෝගය ඇතිව පවත්වන ලද අතර, මේ වන විට 2025 වසරේදී වැඩසටහන් දෙකක් සහ 2026 වසරේදී වැඩසටහන් හයක් වශයෙන් වැඩමුළු අටක් සාර්ථකව පවත්වා ඇත.
2026 වසරේදී මධ්‍යම පළාතේ නිලධාරීන් වෙනුවෙන් එක් වැඩසටහනක් මහනුවරදී පවත්වන ලද අතර, උතුරු හා නැගෙනහිර පළාත්වල නිලධාරීන් වෙනුවෙන් දෙමළ මාධ්‍යයෙන් පැවැත්වූ වැඩසටහනක් ඔක්තෝබර් මාසයේදී කොළඹදී පවත්වන ලදී.
මෙම වැඩසටහන් මාලාව යටතේ මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 140 දෙනෙකු, ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 125 දෙනෙකු සහ විදේශ රැකියා අංශයේ නිලධාරීන් 40 දෙනෙකු ඇතුළුව නිලධාරීන් 305 දෙනෙකු පුහුණු කර ඇත. ඊට අමතරව, අදාළ ආයතන තුන නියෝජනය කරමින් නිලධාරීන් 30 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කර තිබේ. මෙම පුහුණුකරුවන් ඉදිරියේදී ද අදාළ වැඩසටහන් සඳහා සම්පත් දායකයන් ලෙස අඛණ්ඩව දායක වනු ඇත.
මෙම තෙදින වැඩමුළුව තුළ බලහත්කාර ශ්‍රමය හඳුනා ගැනීම, ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන, වින්දිතයන්ට ලබාගත හැකි නීතිමය සහන හා ප්‍රතිකර්ම සහ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් අවධානයක් යොමු කෙරේ. එසේම, ළමා ශ්‍රමය සහ මිනිස් වෙළෙඳාම යන අන්තර් සම්බන්ධිත ගැටලු පිළිබඳව ද සත්‍ය සිදුවීම් හා ප්‍රායෝගික අවස්ථා පාදක කරගනිමින් සාකච්ඡා කිරීමට නියමිතය.
දේශනවලට පමණක් සීමා නොවී, අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ ප්‍රායෝගික ගැටලු විසඳීමේ සැසි ඇතුළත් වන පරිදි මෙම වැඩමුළුව සැලසුම් කර ඇත. ඒ තුළින් විවිධ ආයතනවල නිලධාරීන්ට තම අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමටත්, ක්ෂේත්රයේදී මුහුණ දෙන අභියෝග සාමූහිකව හඳුනාගෙන විසඳුම් සෙවීමටත්, අන්තර් ආයතනික සම්බන්ධතා ජාලය තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාව තුළ බලහත්කාර ශ්‍රමය තුරන් කිරීම සඳහා අවශ්‍ය ආයතනික ධාරිතාව, දැනුම සහ ක්‍රියාකාරී සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශය විසින් ගනු ලැබූ මෙම පියවර ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, මෙම පුහුණු වැඩසටහන් මාලාව 2027 වසරේදී ද තවදුරටත් පුළුල් කරමින් පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කර ඇත.
නව කම්කරු නීති සංශෝධනයේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යෝජනා
නව යාවත්කාලීන නොමැත
මෑතකාලීන පළකිරීම්
-
බලහත්කාර ශ්‍රමයෙන් තොර ශ්‍රී ලංකාවක් උදෙසා – රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව ඉදිරියට
2026 නොවැම්බර් 17 පුවත් -
නව කම්කරු නීති සංශෝධනයේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යෝජනා
2026 නොවැම්බර් 17 පුවත් -
ආගමන ශ්‍රම සංක්‍රමණ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු අවසන් අදියරේ
2026 නොවැම්බර් 13 පුවත් -
ගාල්ල කම්කරු කාර්යාලයෙන් සැලසුණු සේවාවන් රැසක් දැන් අම්බලන්ගොඩින්
2026 නොවැම්බර් 13 පුවත් -
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
2026 නොවැම්බර් 3 පුවත් -
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි – නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ
2026 ඔක්තෝබර් 29 පුවත් -
සෞඛ්‍ය හා සුරක්ෂිතතාවයේ වැදගත්කම
2026 ඔක්තෝබර් 26 පුවත් -
අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණය විධිමත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගේ උපදේශන සැසියක්
2026 ඔක්තෝබර් 22 පුවත් -
සේවක ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකියි – කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
2026 ඔක්තෝබර් 14 පුවත් -
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත්