පුවත්
ආගමන ශ්‍රම සංක්‍රමණ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු අවසන් අදියරේ
ශ්‍රී ලංකාව සඳහා ආගමනික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් කම්කරු අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් හා රාජ්‍ය ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විතව පත්කරන ලද කමිටුව විසින් මෙම නව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වාණිජ මණ්ඩල නියෝජිතයන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා (10) පෙරවරුවේ නාරාහේන්පිට, මෙහෙවර පියෙස ගොඩනැගිල්ලේ පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඒ කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.
සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) තාක්ෂණික සහාය ඇතිව සියලු පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන මෙම ප්‍රතිපත්තිය සකස් කිරීම මේ වන විට අවසන් අදියරයේ පවතින අතර ඒ සඳහා 2027 වසර ආරම්භයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂිතය.
වර්තමානයේ ශ්‍රී ලංකාවට විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා අනුමැතිය ලබා දීමේ ක්‍රියාවලිය ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක් හරහා එකිනෙකට වෙන් වූ ක්‍රමවේද යටතේ ක්‍රියාත්මක වේ. මෙම ආයතන අතර ප්‍රමාණවත් ඒකාබද්ධතාවක් නොමැති වීම සහ මධ්‍යගත දත්ත පද්ධතියක් නොපැවතීම හේතුවෙන් මෙරට සැබෑ ශ්‍රම හිඟය නිවැරදිව හඳුනා ගැනීම, විදේශීය ශ්‍රමිකයන්ගේ අවශ්‍යතාව තක්සේරු කිරීම සහ ඔවුන් පිළිබඳ විධිමත් අධීක්ෂණයක් පවත්වාගෙන යාම අභියෝගයක් වී තිබේ. එමෙන්ම, නිසි නියාමනයකින් තොරව විදේශීය ශ්‍රමිකයන් මෙරට රැකියා සඳහා යොමු වීම දේශීය ශ්‍රමිකයන්ගේ රැකියා අවස්ථා හා සුරක්ෂිතතාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති කිරීමට ඉඩ පවතී. අනෙක් අතට, පවතින ක්‍රමවේදයේ අඩුපාඩු හේතුවෙන් මෙරටට පැමිණෙන විදේශීය ශ්‍රමිකයන් විවිධ ආකාරයේ සූරාකෑම්වලට ලක්වීමේ අවදානමක් ද පවතින අතර, එවැනි තත්ත්වයන් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට ද අහිතකර ලෙස බලපෑ හැකිය. මෙම ගැටලුවලට තිරසර විසඳුමක් ලබා දීම මෙම ඒකාබද්ධ ආගමන ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය සකස් කිරීමේ අරමුණ වේ.
මෙමගින් දේශීය ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතා සහ විදේශීය ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් අතර සමබරතාවක් ඇති කරමින්, විනිවිදභාවයෙන් යුතු, වගවීම සහිත හා විධිමත් ශ්‍රම සංක්‍රමණ කළමනාකරණ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.
මෑතකාලීන පළකිරීම්
-
බලහත්කාර ශ්‍රමයෙන් තොර ශ්‍රී ලංකාවක් උදෙසා – රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව ඉදිරියට
2026 නොවැම්බර් 17 පුවත් -
නව කම්කරු නීති සංශෝධනයේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යෝජනා
2026 නොවැම්බර් 17 පුවත් -
ආගමන ශ්‍රම සංක්‍රමණ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු අවසන් අදියරේ
2026 නොවැම්බර් 13 පුවත් -
ගාල්ල කම්කරු කාර්යාලයෙන් සැලසුණු සේවාවන් රැසක් දැන් අම්බලන්ගොඩින්
2026 නොවැම්බර් 13 පුවත් -
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
2026 නොවැම්බර් 3 පුවත් -
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි – නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ
2026 ඔක්තෝබර් 29 පුවත් -
සෞඛ්‍ය හා සුරක්ෂිතතාවයේ වැදගත්කම
2026 ඔක්තෝබර් 26 පුවත් -
අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණය විධිමත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගේ උපදේශන සැසියක්
2026 ඔක්තෝබර් 22 පුවත් -
සේවක ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකියි – කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
2026 ඔක්තෝබර් 14 පුවත් -
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත්