පුවත්
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණු කරගත් බහුපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට මෙරට කම්කරු අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව පහක් ඊයේ (02) දකුණු කොරියාවේ චැන්වොන් ප්‍රදර්ශන සම්මේලන මධ්‍යස්ථානයේදී අත්සන් තැබීය.
කම්කරු අමාත්‍යාංශයට අමතරව ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය (NIOSH), ග්යොන්ග්සන්ග්නම්-ඩෝ පළාත් රජය (Gyeongsangnam-do Provincial Government), චැන්ෂින් විශ්වවිද්‍යාලය (Changshin University) සහ සචියොන් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය (Sacheon Chamber of Commerce and Industry) ගිවිසුමට එක් විය.
ගිවිසුම මගින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව, කාර්මික ශ්‍රම බලකා සංවර්ධනය සහ දකුණු කොරියාවේ ස්ථිර පදිංචිය ආදී සුවිශේෂී අවස්ථා නිර්මාණය වනු ඇත.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ මූලිකත්වය ගත් අතර, ඊට කම්කරු අමාත්‍යාංශ ලේකම් එස්. එම්. පියතිස්ස සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජනරාල් දුමින්ද ජයලත් යන මහත්වරුන් ද සහභාගී වූහ.
කොරියානු පාර්ශ්වය නියෝජනය කළේ ග්යොන්ග්සන්ග්නම්-ඩෝ අධ්‍යාපන හා යෞවන කාර්යාංශයේ අධ්යක්ෂ ජනරාල් කිම් සොං-ග්යු (Kim Seong-gyu), සචියොන් මණ්ඩලයේ සභාපති හ්වං තේ-බු (Hwang Tae-bu) සහ චැන්ෂින් විශ්වවිද්‍යාලය වෙනුවෙන් ANCHOR ව්‍යාපෘති කණ්ඩායමේ අධ්යක්ෂ ලී ජේ-හක් (Lee Jae-hak) ය.
ශ්‍රී ලංකාව සහ චැන්ෂින් විශ්වවිද්‍යාලය අතර මේ වන විටත් ස්ථාපිත අධ්‍යාපනික සහයෝගිතාව හේතුවෙන් ශ්‍රී ලාංකික සිසුන්ට දකුණු කොරියාවේ අධ්‍යාපන අවස්ථා උදා කර ගැනීමට හැකි වී තිබේ.
නව ගිවිසුම මගින් එම අවස්ථා තවදුරටත් ශක්තිමත් කරමින් පුළුල් කෙරේ.
මෙම ගිවිසුම අත්සන් කිරීම, අධ්‍යාපනය, වෘත්තීය ආරක්ෂාව, වෘත්තීය කුසලතා සහ කාර්මික සංවර්ධනය එකිනෙක සම්බන්ධ කරන ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් පුළුල් කිරීමේ ශ්‍රී ලංකාවේ උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
මෙම සහයෝගිතාව, අනාගත ඒකාබද්ධ ව්‍යාපෘති, ආයතනික හුවමාරු සහ ශ්‍රී ලංකාවට මෙන්ම කොරියා ජනරජයට ද ප්රතිලාභ ගෙන දෙන ව්‍යුහගත අධ්‍යාපනයෙන් රැකියා කරා යන මාර්ග සඳහා පුළුල් පදනමක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
රජය, අධ්‍යාපන ක්ෂේත්රය සහ කර්මාන්තය ඒකාබද්ධ කරමින් අන්තර්ජාතික වශයෙන් මානව සම්පත් සංවර්ධනය කිරීමේ පොදු කැපවීමක් මෙම ගිවිසුමෙන් පිළිබිඹු වන අතර, රටවල් දෙක අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය ද එමගින් තවදුරටත් ශක්තිමත් වේ.
මෑතකාලීන පළකිරීම්
-
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
2026 නොවැම්බර් 3 පුවත් -
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි – නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ
2026 ඔක්තෝබර් 29 පුවත් -
සෞඛ්‍ය හා සුරක්ෂිතතාවයේ වැදගත්කම
2026 ඔක්තෝබර් 26 පුවත් -
අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණය විධිමත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගේ උපදේශන සැසියක්
2026 ඔක්තෝබර් 22 පුවත් -
සේවක ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකියි – කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
2026 ඔක්තෝබර් 14 පුවත් -
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත්