පුවත්
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික සමාජ ආරක්ෂණ ප්‍රතිපත්තියට හා ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගයට (2025–2035) අනුකූලව සකස් කරන ලද මෙම ක්‍රියාකාරී සැලැස්ම සඳහා 2026 සැප්තැම්බර් මස 28 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සලකා බැලීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබා දී තිබේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තාක්ෂණික සහයෝගය ඇතිව සකස් කරන ලද මෙම සැලැස්ම, ජාතික සමාජ ආරක්ෂණ උපායමාර්ගයේ දෙවන කුළුණ වන සමාජ රැකවරණය (Pillar 2 – Social Care) ශක්තිමත් කිරීම සඳහා වූ වැදගත් පියවරකි. ළමුන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු රැකවරණය අවශ්‍ය පුද්ගලයන් සඳහා ගුණාත්මක සේවා සැපයීම මෙන්ම, නිවෙස් තුළ සිදු කෙරෙන වැටුප් නොලබන සත්කාර සේවාවන් නිසි ලෙස හඳුනාගෙන ඒවාට වටිනාකමක් ලබා දීම ද මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
එමෙන්ම, රැකවරණ ක්ෂේත්‍රයේ නියුතු සේවකයන්ගේ වෘත්තීය නිපුණතා සංවර්ධනය, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා ගැනීමේ අවස්ථා පුළුල් කිරීම, සුනිසි වැඩ පරිසරයක් සහිත රැකියා සුරක්ෂිතතාව සහ සමාජ ආරක්ෂණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය පසුබිම මෙම ක්‍රියාකාරී සැලැස්ම මඟින් සකස් කෙරේ.
ශ්‍රී ලංකාවේ වයස්ගත ජනගහනය ඉහළ යාම සහ රැකවරණ සේවා සඳහා ඇති ඉල්ලුම වර්ධනය වීම සැලකිල්ලට ගනිමින්, විධිමත් රැකවරණ සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම ද මෙහි තවත් ප්‍රමුඛ අරමුණකි. රැකවරණ වගකීම් සාධාරණව බෙදාහදා ගැනීම තුළින් කාන්තාවන්ට රැකියා සහ ආර්ථික කටයුතු සඳහා වැඩි අවස්ථා සැලසීම ද අපේක්ෂා කෙරේ.
මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සබලගැන්වීම් අමාත්‍යාංශය මූලිකත්වය ගනු ලබන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ අමාත්‍යාංශ හා ආයතනවල දායකත්වයෙන්, සැලැස්ම යටතේ හඳුනාගෙන ඇති කාර්යයන් ක්‍රියාත්මක කරමින් ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා සමාජ රැකවරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහභාගීත්වයෙන් ආයතනික, නියාමන සහ අධීක්ෂණ යාන්ත්‍රණ ශක්තිමත් කරමින් ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා අවශ්‍ය අරමුදල් ඒකාබද්ධ අරමුදලින් සහ/හෝ සංවර්ධන හවුල්කරුවන්ගේ සහාය මඟින් සපයා ගැනීමට ද අපේක්ෂා කෙරේ.
මෙම ක්‍රියාකාරී සැලැස්ම මඟින් සමාජ රැකවරණ සේවාවල ගුණාත්මකභාවය සහ ප්‍රවේශය ඉහළ නැංවීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් හා සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ රැකවරණය අවශ්‍ය සියලු දෙනාට වඩාත් සුරක්ෂිත හා සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය ජාතික මට්ටමේ රාමුවක් සකස් කරනු ඇත.
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
නව යාවත්කාලීන නොමැත
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්