පුවත්
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණු මෙවර ජාතික කම්කරු උපදේශක සභා (National Labour Advisory Council – NLAC) රැස්වීම කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පස්වරුවේ නාරාහේන්පිට - කම්කරු මහලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කාර්මික ආරවුල් පනත යටතේ අත්සන් කරන ලද සාමූහික ගිවිසුම්වල කොන්දේසි පිළිපැදීම සම්බන්ධයෙන් පවතින ගැටලු සහ සේවක සාමාජිකත්වය සියයට 40 ඉක්මවන ආයතනවල සාමූහික කේවල් කිරීම සඳහා වෘත්තීය සමිති පිළිගැනීම සම්බන්ධයෙන් වන ගැටලු ද සාකච්ඡාවට ගැණුනු අතර එවැනි ගැටලු මතුවන අවස්ථාවල සේව්‍ය සම්මේලනය සමග සාකච්ඡා කොට අදාල ගැටලු විසඳා ගැනීමට එකඟතාව ඇති විය.
මෙවර පැවැති රැස්වීමේදී 2026–2032 කාල රාමුවට අදාලව මෙරට සඳහා ක්‍රියාත්මක කෙරෙන සුනිසි රැකියා වැඩසටහන (Decent Work Country Programme – DWCP) පිළිබඳ පැහැදිලි කිරීමක් ඇතුළත් ඉදිරිපත් කිරීමක් ද සිදුකෙරිණි.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) ව්‍යවස්ථාවේ 24 වැනි වගන්තිය යටතේ, අංක 144 දරන ත්‍රෛපාර්ශ්වික උපදේශන සම්මුතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකළ බවට ඉදිරිපත්ව ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් ත්‍රෛපාර්ශ්වික කමිටුවක් පිහිටුවීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. වෘත්තීය සමිති කිහිපයක් විසින් 2023 වසරේදී මෙම පැමිණිල්ල ILO වෙත ඉදිරිපත් කර තිබූ අතර, 2025 වසරේ සිට ජාතික කම්කරු උපදේශක සභාව නිතිපතා රැස්වී එහි මතුකර තිබූ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. එලෙස ඉදිරිපත්ව තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට මුලදී සලකා තිබුණද, ඇතැම් වෘත්තීය සමිති එම කරුණ තවදුරටත් විවෘතව තබාගැනීමට අවශ්‍ය බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) වෙත පසුව දැනුම් දී තිබිණි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් ලබාදී තිබූ කාලසීමාව තුළ අදාල කරුණ විසඳී නොතිබීම හේතුවෙන් එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ත්‍රෛපාර්ශ්වික කමිටුවක් පිහිටුවා ඇති අතර, ඒ පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
රාජ්‍ය ව්‍යවසායන්හි ආයතන සංග්‍රහය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය විය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ද ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සේව්‍ය හා සේවක දෙපාර්ශ්වයේ නියෝජිතයන් ද එක්ව සිටියහ.
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෑතකාලීන පළකිරීම්
-
බලහත්කාර ශ්‍රමයෙන් තොර ශ්‍රී ලංකාවක් උදෙසා – රාජ්‍ය නිලධාරීන්ගේ දැනුම හා හැකියාවන් වර්ධනය කිරීමේ වැඩසටහන් මාලාව අඛණ්ඩව ඉදිරියට
2026 නොවැම්බර් 17 පුවත් -
නව කම්කරු නීති සංශෝධනයේ දී ආබාධ සහිත තැනැත්තන්ගේ රැකියා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යෝජනා
2026 නොවැම්බර් 17 පුවත් -
ආගමන ශ්‍රම සංක්‍රමණ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු අවසන් අදියරේ
2026 නොවැම්බර් 13 පුවත් -
ගාල්ල කම්කරු කාර්යාලයෙන් සැලසුණු සේවාවන් රැසක් දැන් අම්බලන්ගොඩින්
2026 නොවැම්බර් 13 පුවත් -
ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමක්
2026 නොවැම්බර් 3 පුවත් -
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් ශක්තිමත් කිරීම යෝජිත කම්කරු නීති ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණයි – නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ
2026 ඔක්තෝබර් 29 පුවත් -
සෞඛ්‍ය හා සුරක්ෂිතතාවයේ වැදගත්කම
2026 ඔක්තෝබර් 26 පුවත් -
අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණය විධිමත් කිරීම සඳහා පාර්ශ්වකරුවන්ගේ උපදේශන සැසියක්
2026 ඔක්තෝබර් 22 පුවත් -
සේවක ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකියි – කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
2026 ඔක්තෝබර් 14 පුවත් -
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත්