පුවත්
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
ශ්‍රී ලංකාවේ රැකියා ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහන (Decent Work Country Programme – DWCP) සඳහා ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), සේවායෝජක සංවිධාන සහ වෘත්තීය සමිති අද (30) පෙරවරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අත්සන් කළහ.
කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද එක්ව සිටියේය. එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වූ නියෝජිත Joni Simpson මහත්මිය ඇතුළු පාර්ශ්වකරුවන්ගේ නියෝජිතයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඉදිරි වසර හයක කාලය තුළ රජය, සේවායෝජකයින්, සේවකයින් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා පොදු රාමුවක් මෙම වැඩසටහන මගින් සපයයි. ඵලදායී රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සමාජ ආරක්ෂණය පුළුල් කිරීම, ඵලදායී කම්කරු පාලනය ශක්තිමත් කිරීම සහ සමාජ කතිකාව ප්‍රවර්ධනය කිරීම වැඩසටහනේ ප්‍රධාන ප්‍රමුඛතා අතර වේ.
ජාත්‍යන්තර කම්කරු (ILO) සංවිධානයේ තාක්ෂණික සහාය ඇතිව පුළුල් උපදේශන ක්‍රියාවලියක් ඔස්සේ මෙම වැඩසටහන සකස් කර ඇති අතර, එම ක්‍රියාවලිය 2024 වසරේදී පෙර පැවති සුනිසි රැකියා පිළිබඳ දේශීය (DWCP) වැඩසටහන සමාලෝචනය කිරීමෙන් අනතුරුව ආරම්භ කර තිබේ. ඉන් අනතුරුව ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, සේවක හා සේවායෝජක නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීම සඳහා ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) ද වැදගත් වේදිකාවක් වී තිබේ.
ශ්‍රී ලංකාවේ වෙනස් වෙමින් පවතින ආර්ථික හා ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති නව සුනිසි රැකියා පිළිබඳ දේශීය(DWCP) වැඩසටහන මගින් වඩා හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ශ්‍රම වෙළෙඳපොළ ආයතන ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණයට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂිත, සාධාරණ හා සියලු දෙනා ඇතුළත් සේවා පරිසරයක් ගොඩනැගීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. එමෙන්ම රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්ති රාමුවේ සංවර්ධන ප්‍රමුඛතා සමඟ ද මෙම වැඩසටහන අනුගත කර තිබේ. ඵලදායී ආර්ථිකයක් ගොඩනැගීම, ජනතාව සඳහා වඩා හොඳ අවස්ථා නිර්මාණය කිරීම, සියලු දෙනා ඇතුළත් සංවර්ධනය සහ පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම යන ජාතික අරමුණු කම්කරු ක්ෂේත්‍රය සමඟ සම්බන්ධ කිරීම එහි අපේක්ෂාවයි.
මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ, ආර්ථික වර්ධනය සහ සුනිසි රැකියා එකිනෙකට සමගාමීව ඉදිරියට ගෙන යා යුතු බවත්, ඵලදායී, සියලු දෙනා ඇතුළත් සහ ආරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා රජය, සේවායෝජකයින් සහ සේවකයින් යන සියලු පාර්ශ්වයන්ට පොදු වගකීමක් පවතින බවත්ය.
2026–2032 කාලසීමාව තුළ අඛණ්ඩ සමාජ සංවාදය, උපදේශනය සහ ප්‍රගතිය අධීක්ෂණය කිරීම ඔස්සේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශ්ව සිය කැපවීම මෙහිදී සහතික කළහ. ඒ අනුව වඩා හොඳ රැකියා අවස්ථා නිර්මාණය කිරීම, කම්කරු ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා 2026–2032 සුනිසි රැකියා සඳහා වන දේශීය වැඩසටහන ප්‍රායෝගික ක්‍රියාකාරී රාමුවක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස සහ කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද යන මහත්ම මහත්මීන් ද ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරමින් සේව්‍ය - සේවක නියෝජිතයන් පිරිසක් ද එක්ව සිටියහ.
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්