පුවත්
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
කම්කරු ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින්, චීන මහජන සමූහාණ්ඩුවේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ (Yunnan Provincial Federation of Trade Unions) නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (2026.09.23) පෙරවරුවේදී නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී ත්‍රෛපාර්ශවිකත්වය (tripartism), සාමාජ කතිකා, කම්කරු සබඳතා සහ සේවක සුබසාධන සේවා සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේ අත්දැකීම් සහ ප්‍රායෝගික භාවිතයන් හුවමාරු කරගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. එමෙන්ම අන්‍යෝන්‍ය උනන්දුවක් සහිත ක්ෂේත්‍රයන්හි ඉදිරි සන්නිවේදනය, දැනුම හුවමාරු කරගැනීම සහ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ මාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙහිදී, කම්කරු ක්ෂේත්‍රයේ ආයතනික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා දෙපාර්ශ්වයේම ඇති කැපවීම පිළිඹිබු විය.
මෙම සාකච්ඡාවල ඉදිරි පියවරක් ලෙස, ත්‍රෛපාර්ශවිකත්වය සහ කම්කරු ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැනුම හුවමාරු කරගැනීම සහ ධාරිතා සංවර්ධනය සඳහා වන යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට චීන පාරශවය එකඟ විය. මෙම යෝජිත සහයෝගීතා ක්ෂේත්‍ර, ශ්‍රී ලංකාව සහ යුනාන් පළාතේ අදාළ ආයතන අතර ඉදිරි සබඳතා පවත්වාගෙන යාමට සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වැඩසටහන් දියත් කිරීමට පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශය වෙනුවෙන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
"
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්