Select Language / භාෂාව තෝරන්න / மொழியைத் தேர்ந்தெடுக்கவும்

ඉදිරියට යාමට ඔබ කැමති භාෂාව තෝරන්න

පුවත්

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි

2026 සැප්තැම්බර් 14 • පුවත්

කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමේ වැඩසටහන පසුගියදා (2026.09.11) නාරාහේන්පිට - මෙහෙවර පියසෙහි දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

 

නිලධාරිින් 200 කගේ පමණ සහභාගිත්වයෙන් පැවැති මෙම වැඩසටහනේ තේමාව වූයේ “ එක්ව විශිෂ්ටත්වය කරා ” යන්නයි.

 

කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරිින් තුළ වෘත්තිය අභිප්‍රේරණයක් ඇති කිරිිම, සේවාවල ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවිිම අරමුණු කරගෙන වඩාත් සක්‍රිියව සහ කැපවිිමෙන් රාජකාරිි ඉටු කරන ලද කාර්යාල සහ එම කාර්යාලවල සේවය කරන නිලධාරිින්ගේ කාර්ය සාධනය අගයනු වස් මෙම වැඩසටහන සංවිධානය කරන ලදි. එහිදී, මෙම වසරේ ඇගයිිම සදහා පාදක කර ගෙන ඇත්තේ 2025 වර්ෂයේ කාර්ය සාධනය වන අතර අඛණ්ඩව මෙම කාර්ය සාධන ඇගයිිම් වැඩසටහන වාර්ෂිකව පැවැත්විිමට කම්කරු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.  

 

ඇගයිිම් සදහා නිර්ණායක සකස් කර ඇත්තේ දෙපාර්තමේන්තුවේ අංශ, කලාප කාර්යාල,දිස්ත්‍රික් කාර්යාල සහ ඉංජිනේරු කාර්යාලවල කාර්යභාරය පදනම් කරගෙනය. මෙහි දි සේවක අර්ථ සාධක අරමුදල් ගෙවනු ලබන සක්‍රිිය ආයතන සංඛ්‍යාව පදනම් කර ගනිමින් කාණ්ඩ 3 ක් යටතේ දිස්ත්‍රික් උප කම්කරු කාර්යාල හා කලාප කම්කරු කාර්යාල වර්ගිිකරණය කර කාර්ය සාධනය ඇගයිිමට ලක් කළ අතර දිස්ත්‍රික් කර්මාන්තශාලා පරිික්ෂක ඉංජිනේරු කාර්යාල ස්ථාපිත කර්මාන්තශාලා ධාරිිතාව අනුව කාණ්ඩ දෙකක් යටතේ හා දෙපාර්තමේන්තුවේ සියලුම අංශ කාණ්ඩ දෙකක් යටතේ ඇගයිිමට ලක් කරන ලදි. ප්‍රධාන කමිටුව හා අනු කමිටු 10 මගින් තෝරාගත් නිර්ණායක අනුව කලාප කාර්යාල 11 ක් දිස්ත්‍රික් කම්කරු කාර්යාල 40, උප කම්කරු කාර්යාල 17,දෙපාර්තමේන්තුවේ අංශ 27 ක් හා ඉංජිනේරු කාර්යාල 10 ක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යාලවල කාර්ය සාධනය ඇගයිිමට ලක් කර තෝරා ගත් කාර්යාල සදහා සහතික පත් 85 ක් ප්‍රදානය කෙරිණි.

 

සංස්කෘතිකාංග රැසකින් ද වර්ණවත් වූ මෙම වැඩසටහනට කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද මහත්මිය ඇතුළු නිලධාරීහු රැසක් ද සිටියහ.

 


ඡායාරූප ගැලරිය

මෑතකාලීන පළකිරීම්

ප්‍රවේශ්‍යතාව දසුන සකසන්න
අකුරු ප්‍රමාණය
වර්ණ ප්‍රකාරය
හඬ කියවීම (Text-to-Speech)