පුවත්
නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසක් සමගින් කම්කරු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජනගත වෙයි
වඩාත් කාර්යක්ෂමව සහ විනිවිදභාවයකින් යුතුව මහජනතාව වෙත සිය සේවාවන් සමීප කිරීමේ අරමුණ ඇතිව, නවීන තාක්ෂණයෙන් සහ වැඩිදියුණු කළ සේවාවන් රැසක් සමගින් අලුතින්ම නිර්මාණය කරන ලද කම්කරු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය ජනගත කිරීම 2026.09.11 දින පස්වරුවේ නාරාහේන්පිට - මෙහෙවර පියෙස ගෙඩනැගිල්ලෙහි පිහිටි එම අමාත්‍යාංශයේදී සිදුවිය.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණු මෙම නව වෙබ් අඩවිය ඔස්සේ මහජනතාවට පහසුකම් රාශියක් ලබාදී ඇත.
සංශෝධිත කම්කරු නීතිරීති, සහ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ වැඩසටහන් සහ ව්‍යාපෘති පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් ලබාගැනීමේ පහසුවත් සේවක අර්ථසාධක අරමුදල (EPF) ඇතුළු කම්කරු ක්ෂේත්‍රයට අදාළ විවිධ අයදුම්පත්,පඩිපාලක සභා තීරණ,ගැසට් නිවේදන සහ චක්‍රලේඛ ආදිය භාගත ( Download ) කරගැනීමේ පහසුවත් මෙම නව වෙබ් අඩවිය මගින් සලසා ඇත.
ජංගම දුරකතන සහ පරිගණක මගින් සිංහල,දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් තමන් කැමති භාෂාවකින් පිවිසිය හැකි මෙම වෙබ් අඩවිය ඔස්සේ තම සේවක අයිතිවාසිකම් සහ රැකියා ස්ථානීය ගැටලු සම්බන්ධයෙන් විද්‍යුත් ක්‍රමවේදය (Online) අනුව අමාත්‍යාංශය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව ද ලබාදී ඇත.
www.labourmin.gov.lkඔස්සේ වෙබ් අඩවිය වෙත පිවිසිය හැකි අතර මෙම නව Web අඩවිය නිසා අමාත්‍යාංශය යටතේ පවතින කම්කරු දෙපාර්තමේන්තුව, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය සහ ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය යන ආයතනවල Web අඩවි වෙත පිවිසීමේ පහසුකම ද සැලසී ඇත. ඒ අනුව,රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතිය නිසා මහජනතාවට අමාත්‍යාංශය වෙත නොපැමිණ තමන්ට අවශ්‍ය සේවාවන් රැසක් ලබාගැනීමේ හැකියාව පවතී.
මෙම වෙබ් අඩවිය එලිදැක්වීමේ අවස්ථාවට සමගාමීව,සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ ලබා ගැනීමට සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලබන අයදුම්පත්වල ප්‍රගතිය ( Check claim status ) මාර්ගගතව පරීක්ෂා කිරීම සඳහා වන පහසුකම Digital EPF සේවාව හරහා ලබාදීමේ සමාරම්භය ද සිදුවිය.
කම්කරු අමාත්‍යාංශයේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු රැසක් ද වෙබ් අඩවිය එලිදැක්වීමේ අවස්ථාවට එක්ව සිටියහ.
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්