පුවත්
කම්කරු නීති සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුව ජාතික කම්කරු උපදේශක සභාවේ(NLAC) අදහස් විමසයි.
කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවට ජාතික කම්කරු උපදේශක සභාවේ (NLAC) නියෝජිතයන්ගේ අදහස් ලබාගැනීම සඳහා සංවිධානය කරන ලද විශේෂ හමුවක්,පහුගියදා (27) නාරාහේන්පිට – මෙහෙවර පියෙස ගොඩනැගිල්ලෙහි පිහිටි කම්කරු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. කමිටුවේ සභාපති – කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හමුව පැවැත්විණි.
වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන පනත් 49 ක් දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතර ඒ අතරින් සමහර පනත් වර්තමානයේ සක්‍රීය තත්ත්වයේ නොපවතින බව එම කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම පනත් සංශෝධන ක්‍රියාවලිය හරහා දැනට සක්‍රීය තත්ත්වයේ පවතින පනත් අතරින් පනත් 12 ක් සංශෝධනය කොට, ශ්‍රම ප්‍රමිතීන්,කාර්මික සබඳතා,වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය, සහ වෘත්තීය සමිති යනුවෙන් නව පනත් 4 ක් ලෙස සම්මත කිරීමට අදහස් කර ඇති බව,සංශෝධන සම්බන්ධයෙන් කටයුතු කරන මෙම කමිටුව ජාතික කම්කරු උපදේශක සභාවට (NLAC) පෙන්වා දුන්නේය. එහිදී ජාතික කම්කරු උපදේශක සභාව (NLAC) නියෝජනය කරන සේව්‍ය – සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් විසින් මෙම පනත් සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම ද සිදුවිය. මෙම අවස්ථාවට, කම්කරු නීති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුව නියෝජනය කරනු ලබන නියෝජිතයන් සහ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරනු ලබන සේව්‍ය – සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් එක්ව සිටියහ.
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්