පුවත්
බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් අතුරුගිරියේදී.
බලහත්කාරී ශ්‍රමය තුරන් කිරීම සඳහා වූ තෙදින වැඩමුළුවක් ඊයේ (18) පෙරවරුවේදී අතුරුගිරියේ පිහිටි ජාතික වැවිලි කළමණාකරණ ආයතනයේදී ආරම්භ කෙරිණි. කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson,කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද සහ ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලයේ විධායක අධ්යක්ෂ – නියෝජ්‍ය පොලිස්පති මංජුල මහගිරිල්ල යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව ආරම්භ කෙරිණි.
මෙහිදී, බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම සඳහා කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහයන් ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට නියෝජිත Joni Simpson මහත්මියගේ විශේෂ ඇගයිමට ද ලක්විය.
බස්නාහිර සහ සබරගමුව පළාත් දෙක නියෝජනය කෙරෙන පරිදි කම්කරු දෙපාර්තමේන්තුව,පොලිස් දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු,විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යන ආයතනවලින් තෝරා ගන්නා ලද නිලධාරීන්ට බලහත්කාරි ශ්‍රමය තුරන් කිරීම පිළිබඳව දැනුම සහ මගපෙන්වීම ලබා දීම සඳහා මෙම වැඩමුළුව සංවිධානය කෙරුණු අතර ඒ සඳහා සම්පත් දායකත්වය එම ආයතන විසින් ලබා දෙන ලදි .
මෑතකාලීන පළකිරීම්
-
සමාජ රැකවරණ සේවා විධිමත් කිරීම, රැකවරණ සේවකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ කාන්තා ශ්‍රම බලකා සහභාගීත්වය ඉහළ නැංවීම අරමුණු කරගත් 2026–2035 දස අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2026 ඔක්තෝබර් 9 පුවත් -
වෘත්තීය සමිති මුහුණ දෙන ගැටළු ගැන මෙවර ජාතික කම්කරු උපදේශක සභාවේ විශේෂ අවධානයක්
2026 ඔක්තෝබර් 8 පුවත් -
ශ්‍රම වාසනා අරමුදලේ කාර්යභාරය කම්කරු අමාත්‍යාංශයට – අරමුදල සැප්තැම්බර් 30 සිට වසා දැමේ
2026 ඔක්තෝබර් 6 පුවත් -
ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය (NILS) මගින් නොමිලේ NVQ Level 03 සත්කාරක සේවා පාඨමාලාවක්
2026 ඔක්තෝබර් 1 පුවත් -
ශ්‍රී ලංකාවේ සුනිසි රැකියා ප්‍රවර්ධනයට නව පියවරක්. 2026–2032 සුනිසි රැකියා පිළිබඳ දේශීය වැඩසටහනට අත්සන් තැබෙයි
2026 ඔක්තෝබර් 1 පුවත් -
චීනයේ යුනාන් පළාත් වෘත්තීය සමිති සම්මේලනයේ නියෝජිත පිරිසක් සහ කම්කරු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අතර හමුවක්
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය වසර දෙක තුළ කම්කරු අමාත්‍යාංශයේ ප්‍රගතිය
2026 සැප්තැම්බර් 24 පුවත් -
පසුගිය දෙවසරක කාලය තුළ කම්කරු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවූ වැඩසටහන්වල ප්‍රගතිය - ස්වදේශීය සේවය ඔස්සේ විකාශය වූ ජනරාවය වැඩසටහන
2026 සැප්තැම්බර් 23 පුවත් -
රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරු ජනතාවගේ නොගෙවූ ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට පියවර: සේවකයින් 10,000 කට වැඩි පිරිසකට සහන
2026 සැප්තැම්බර් 16 පුවත් -
කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක්වෙයි
2026 සැප්තැම්බර් 14 පුවත්