කම්කරු අමාත්‍යාංශයත් නව වසරේ වැඩ අරඹයි.

කම්කරු අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන 2026 වර්ෂය සඳහා සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම සනිටුහන් කිරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවය අද (01) පෙරවරුවේ නාරාහේන්පිට – මෙහෙවර පියෙස පරිශ්‍රයේදී පැවැත්විණි.

 

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන් අභියෝග ජය ගැනීම සඳහා හඳුන්වා දී ඇති රාජ්‍ය ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ පිළිබඳව හා එකී අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ දායකත්වය ඵලදායී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

 

නව වසරේ රාජකාරි ආරම්භ කිරීමේ මෙම උත්සව අවස්ථාවට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද, මිනිස්බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ජී.එච්.එච්.ආර්.කිරිඇල්ල, ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ඊ. අබේසිරිවර්ධන සහ ශ්‍රම වාසනා අරමුදලේ සාමාන්‍යාධිකාරී ඩී.ආර්.ජයලත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් එක්ව සිටියහ.

 

සැ.යු. උත්සවයට අදාල ඡායාරූප මේ සමග යොමු කර ඇත.