Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව ජාතික කම්කරු උපදේශක මණ්ඩලය
ජාතික කම්කරු උපදේශක මණ්ඩලය

ජාතික කම්කරු උපදේශක මණ්ඩලය වූ කලී සමාජ සහ කම්කරු ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර කම්කරු ප්‍රමිතීන් සම්බන්ධ කරුණුවලදී රජය සහ ජාතික මට්ටමේ සේවක සහ සේව්‍ය සංවිධාන අතර විචාරණය සහ සහයෝගය ඇති කිරීම සඳහා පිහිටුවා ඇති ජාතික ත්‍රෛපාක්ෂික උපදේශක යන්ත්‍රණයකි.

ජාතික කම්කරු උපදේශක මණ්ඩලයේ (NLAC) පරමාරථ

  • සමාජ සහ කම්කරු ගැටලු පිළිබඳ රජයත් සේවක සේව්‍ය සංවිධානත් අතර සමාජීය සංවාද වර්ධනය කිරීම.
  • සමාජ සහ කම්කරු ප්‍රතිපත්ති, කම්කරු නීති, සහ ජාත්‍යන්තර කම්කරු සම්මුති අනුමත කිරීම, අදාළ කරගැනීම සහ ක්‍රියාත්මක කිරීම යන මේ කරුණු සම්බන්ධයෙන් සේවක සේව්‍ය සංවිධානවල අදහස් උපදෙස් සහ සහාය රජයට ලබාගත හැකි අන්දමේ සාකච්ඡාමය අවස්ථා සඳහා විධිවිධාන සැලසීම.
  • ආර්ථික සංවර්ධනය කිරීම, වැඩ කිරීමේ තත්ත්වයන් වැඩි දියුණු කිරීම සහ ජීවන තත්ත්වය නගා සිටුවීම අරමුණු කර ගෙන රජය සහ සේවක සේව්‍ය සංවිධාන අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ මනා සබඳතා වර්ධනය කිරීම සහ සමීපතම සහයෝගය තහවුරු කිරීම.

ජාතික කම්කරු උපදේශක මණ්ඩලයේ කාර්යයෝ

  • පහත සඳහන් කරුණු පිළිබඳව රජයත් සේවක සේව්‍ය සංවිධානත් අතර විචාරණය සහ සහයෝගය ඇති කිරීම
    • ජාතික ආයතන පිහිටුවීම සහ ක්‍රියාත්මක කිරීම.
    • සේවකයන්ගේ සහ සේව්‍යයන්ගේ යහපත සඳහා නීති සහ රෙගුලාසි පැනවීම සහ ක්‍රියාත්මක කිරීම.
  • කම්කරු සම්මුති අනුමත කිරීම සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානය වෙත යැවෙන පිළිතුරු වලට අදාළ කරුණු සලකා බැලීම.

සංයුතිය

  • කම්කරු සහ කම්කරු සබඳතා පිළිබඳ ගරු අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් ක්‍රියා කරයි.
  • අමාත්‍යවරයා ජාතික කම්කරු උපදේශක මණ්ඩලයේ ලේකම් වශයෙන්, අමත්‍යාංශයේ සුදුසු නිලධාරියකු පත් කරයි.
  • ආර්ථිකයේ විවිධ අංශවල “වැඩිම නියෝජනය සහිත” සේව්‍ය සේවක සංවිධාන අතුරින් මෙම උපදේශක මණ්ඩලයෙහි නියෝජනය වීමට සුදුසු සංවිධාන සහ ආයතන ගරු අමාත්‍යවරයා විසින් තෝරා ගනු ලැබේ.

ජාතික කම්කරු උපදේශක මණ්ඩලය ක්‍රියාත්මක වන ආකාරය

  • ජා.ක.උ.ම.සේ. රාජකාරී කාලය එක් අවුරුද්දකි.
  • අඩුම වශයෙන් මසකට වරක් වන පරිදි අමාත්‍යවරයා තීරණය කරන කාලසීමා අනුව නියතව සහ නිරන්තරව ජා.ක.උ.ම.සේ. රැස්වීම් කැඳවනු ලැබේ.
  • අවශ්‍ය අවස්ථාවන්හිදී විශේෂඥ සහාය ද ලබාගෙන විශේෂ ගැටලු අධ්‍යයනය කොට ජා.ක.උ.ම. වෙත වාර්තා සැපයීමට ත්‍රෛපාක්ෂික කම්කරු කමිටු සහ අවස්ථෝචිත කමිටු පත් කළ හැකිය.
2011/2012 ජාතික කම්කරු උපදේශක මණ්ඩලයේ සාමාජිකවරු
  1. සේව්‍යයන්
  2. සේවකයින්ගේ විස්තර
  3. රාජ්‍ය
ඇමතුම් විස්තර,

ඒ. විමලවීර මහතා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,
ජාතික කම්කරු උපදේශක මණ්ඩලය
දුරකථන: +94-11-2368609
ෆැක්ස් : +94-11-2368609
විද්‍යුත් ලිපිනය : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ