Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව ශ්‍රම වාසනා අරමුදල
ශ්‍රම වාසනා අරමුදල් මණ්ඩලය

ශ්‍රම වාසනා මුදල් මණ්ඩලය, 1998 අංක දරණ "ශ්‍රම වාසනා අරමුදල් පනත" යටතේ, සේවා නියුක්තිකයන්ගේ සුභ සාධනය සදහා මුදල් සැපයීම පිණිස සහ ඒ හා සම්පන්ධ සහ ඊට ආනුෂංගික කාරණා සදහා විධි විධාන සැලැස්වීම පිණිස ඇති කරන ලද්දකි. පහත දැක්වෙන අරමුදලේ අරමුණු 06ක් යටතේ, මුළු මහත් ශ්‍රී ලාංකික සේවා නියුක්තකයන්ගේ සුභසාධනය උදෙසා විවිධ වැඩසටහන් ශ්‍රම වාසනා අරමුදල් මණ්ඩලය විසින් ක්‍රියාවට නංවනු ලබයි. මේ සදහා අවහ්‍ය ප්‍රතිපාදන සැපයෙනුයේ ජාතික ලොතරුයි මණ්ඩලය හා ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන "ජාතික සම්පත" ලොතරැයියෙනි.

අරමුදලේ අරමුණු,

(අ). සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය පුවර්ධනය කිරීම

  • කාන්තා සේවිකාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරවීම.
  • සේවා නියුක්තිකයන්ගේ පවුල්වල සුභසාධනය සදහා ඔවුන්ගේ දරුදැරියන් දිරිගැනවීමේ වැඩසටහන් පැවැත්වීම.
  • සේවා නියුක්තිකයන්හට කාර්මික සුරක්ෂිතතාවය පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම.
  • සේවා නියුක්තිකයන්ගේ පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමට ස්වයං රුකියා වැඩමුළු පවත්වා ආධාර හා උපකරණ කට්ටල ලබා දීම.
  • සේවා නියුක්තිකයන්ගේ කුසලතා ඇගයීම හා වර්ධනය සදහා වැඩසටහන් පැවැත්වීම.

(ආ). සේවා නියුක්තිකයන් සේවයෙහි යෙදී සිටි ආයතන පූර්ව දැනුම් දීමකින් තොරව වසා දැමූ අවස්ථාවක, ඒ සේවා නියුක්තිකයන්ට මූල්‍ය හා වෙනත් ආධාර සැපයීම

(ඇ). හදිසි අවස්ථාවලදී සේවා නියුක්තිකයන්ට වෛද්‍ය හා වෙනත් පහසුකම් සැපයීම

  • සේවා නියුක්තිකයන්හට සහ ඔවුන්ගේ යැපෙන්නන්හට වෛද්‍ය සායන පවත්වා බෙහෙත් ද්‍රව්‍ය, ඇස් කණ්නාඩි රෝද පුටු, අත්වාරු ආදිය ලබා දී ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගාසිටුවීමේ වැඩසටහන් පැවැත්වීම.
  • හදිසි අවස්ථාවන්හිදී සේවා නියුක්තිකයන්හට වෛද්‍ය පහසුකම් හා ආධාර ලබා දීම.
  • සේවා නියුක්තිකයන්, දැනුවත් කිරීමේ සෞඛ්‍ය වැඩමුළු පවත්වා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම තුළින් නීරෝගී ශ්‍රම බලකායක් ඇති කිරීමේ වැඩසටහනන් පැවැත්වීම.

(ඈ). සේවා නියුක්තිකයන්ට විරුද්ධව පරීක්ෂණ ආරම්භ කරනු ලැබූ විටදී ඔවුන්ට තාවකාලික ආධාර සැපයීම

  • නීති ආධාර වැඩසටහන යටතේ කම්කරු විනිශ්චය සභාවක / කාර්මික අධිකරණයක / කම්කරු වන්දි කොමසාරිස් වෙත හෝ කම්කරු දෙපාර්තමේන්තුවේ සේවය අවසන් කිරීමේ අංශයේ තිබෙන ආරවුල් සදහා රු. 10,000/- ක මූල්‍යාධාර සැපයීම.
  • මේ සදහා ශ්‍රම වාසනා අරමුදලේ ලියාපදිංචි වී ඇති නීතිඥ / නීති උපදේශකයින්ගේ සහාය අවශ්‍ය විටක ලබා දීම සම්බන්ධ කරවීම.

(ඉ). ව්‍යවසන අවස්ථාවලදී සේවා නියුක්තවන්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට මූල්‍යමය සහ වෙනත් ප්‍රතිලාභ සැපයීම

  • සුනාමි / ගංවතුර / නියගයන් / සුළි සුළං වැනි ස්වභාවික විපත්වලට ගොදුරු වූ සේවා නියුක්තිකයන්ගේ පවුල්වලට හා ඔවුන්ගේ දරු දැරියන්ට මූල්‍යමය ආධාර, ශිෂ්‍යත්ව හා පාසැල් උපකරණ කට්ටල ලබා දීම.
  • සේවයේ යෙදී සිටියදී හදිසි අනතුරු / කාර්මික අනතුරු වැනි ව්‍යවසනයන්ගෙන් මරණයට හෝ පූර්ණ දුබලතාවයන්ට පත්වූ සේවා නියුක්තිකයන්ට හා ඔවුන්ගේ දරු දැරියන්ට ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ කට්ටල ලබා දීම.

(ඊ) සේවා නියුක්තිකයන්ගේ සුබ සාධනය සදහා විශිෂ්ඨ සේවයක් කර ඇති තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීම

මෙම සේවාවන් ලබා ගැනීමට වැඩිදුර විමසීම සදහා දුරකතන අංක : 011 - 2368215 ඔස්සේ අමතන්න

ඇමතුම් තොරතුරු,

ඩී. ආර්. ජයලත් මහාතා
සමාන්‍යාධිකාරී,
කම්කරු සහ කම්කරු සබදතා අමාත්‍යාංශය
6 වෙනි මහල, නාරාහේන්පිට, කොළඹ 05.
දුරකථනය : + 94 011-2368215
ෆැක්ස් : + 94 011-2368979

  නිල වෙබ් අඩවිය: www.svf.gov.lk

<< ආපසු