Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව ව්‍යාපෘති
ව්‍යාපෘති

සුනිසි මෙහෙවර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය ඇතිව සම්පාදිත ශ්‍රී ලංකාවේ සුනිසි මෙහෙවර පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී අදාළ අංශ අතරේ සම්බන්ධීකරණය ව්‍යාපෘති යෝජනා ලබා ගැනීම සහ ප්‍රගති සමාලෝචනය ආදී කටයුතු මෙම අංශය ඉටු කරයි.

රැකියා ලෝකය සඳහා කාන්තා බලගැන්වීම් කාර්යාංශය

රැකියාවලදී කාන්තාවන්ට සහ පුරුෂයන්ට වෙනස් වෙනස් ආකාරයෙන් සැලකීම ස්වකීය ව්‍යාපෘති සහ වැඩසටහන් සියල්ල කෙරෙහි බලපාන ප්‍රශ්නයක් වශයෙන් කම්කරු හා වෘත්තීය සමිති  සබඳතා අමාත්‍යාංශය හඳුනා ගෙන ඇත. කාන්තාවන් ප්‍රධාන රැකියා ක්‍රියාදාමයට ගැනීමේදී තාක්ෂණික සහ කළමනාකරණ ගැටලු ඇති වනවා මෙන්ම රැකියා ලෝකයේ හවුල්කරුවන් වශයෙන් කාන්තාවන් සහ පුරුෂයන් අතර සමානත්වය සහ යුක්තිය ඇති කිරීමේ දී දේශපාලනික සහ සමාජ-සංස්කෘතික ගැටලු ද ඇති වේ. කාන්තාවන බල ගැන්වීමේ කාර්යාංශයේ අවසාන අරමුණ වන්නේ කාන්තා පුරුෂ සමානත්වය ඇති කිරීමය. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශයේ සියලුම ව්‍යාපෘති සහ වඩ සටහන් සැලසුම් කිරීමේදීත් ක්‍රියාත්මක කිරීමේදීත් සමීක්ෂණය කිරීමේදීත් අගැයීමේදීත් පුරුෂ කාන්තා දෙපක්ෂයේම ශුභ සිද්ධිය ගැන සැලකිලිමත් වීම අවශ්‍යය.

ප්‍රධාන කාර්යයන් මෙසේය,

  • සංවේදිතා වැඩමුළු, පුහුණු කිරිම් ඇතුළු වැඩ සටහන්.
  • කාන්තාවන් බලාගැන්වීමේ ප්‍රතිපත්ති සැකසීම.
  • ශක්‍යතා ගොඩනැගීමේ කාර්ය.
  • කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමානත්වයෙන් සැලකීම පිළිබඳ ලියකියවිලි සැලසුම් කිරීම, සකස් කිරීම සහ බෙදා හැරිම.
  • කාන්තාවන්ට අදාළ ගැටලු පිළිබඳ සමික්ෂණ පැවැත්වීම.
  • ලිංගික අතවර පිළිබඳ දුක්ගැනවිලි පරීක්ෂාකර බැලීමේ යන්ත්‍රණයක් මෙහෙයවීම.
  • කාන්තාවන්ට සහ පුරුෂයන්ට සමානත්වයෙන් සැලකීම පිළිබඳ තරග සංවිධානය කිරීම: පෝස්ටර් / රචනා
ඇමතුම් තොරතුරු,
ව්‍යාපෘති කාර්යාංශය,
කම්කරු හා හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යාංශය,
2 වන මහල,
කම්කරු මහලේකම් කාර්යාලය,
කොළඹ 05,
ශ්‍රී ලංකාව.
විද්‍යුත් තැපෑල : slmol [at] slt.lk