Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය
කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය

සිවිල් අධිකරණයක බලතල දරන කම්කරු වන්දි කොමසාරිස්වරාය‍ගේ මූලික කාර්ය භාරය වනුයේ අවසාන වශයෙන් 2005 දී සංශෝධිත 1984 අංක 19 දරන කම්කරු වන්දි ආඥාපනත ක්‍රියාත්මක කිරීම ය.  මෙම ආඥාපනතේ පරමාර්ථය වන්නේ, වැඩ කරමින් සිටියදී සිදුවන හදිසි අනතුරුවලින් පීඩා විඳින සේවකයන්ට හෝ සේවයේ ස්වභාවය නිසා වැළඳී ඇතැයි තීරණය කළ හැකි රෝගාබාධවලින් පීඩා විඳින සේවකයන්ට හෝ ඒවායින් සේවකයන් මිය යන අවස්ථාවලදී ඔවුන්ගේ යැපෙන්නන්ට සේවයන්ගෙන් වන්දි ලබාදීම ය. මෙම පරමාර්ථ මුදුන් පත්කර ලීම සඳහා කම්කරු වන්දි කොමසාරිස්වරයා පහත සඳහන් කාර්ය ඉටු කරයි.

කම්කරු වන්දි ඉල්ලමින් ඉදිරිපත් කෙරෙන පැමිණිලි භාර ගැනීම. පිළිගත් වන්දි ඉල්ලීම් පිළිබඳ පරීක්ෂණ පවත්වා එම ඉල්ලීම් ලබා දීමෙන් හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් ගැටලුව විසඳීම, සේව්‍යයන්ගෙන් වන්දි මුදල් එක්රැස් කර ගැනීම, ආබාධිත හෝ රෝගවලින් පීඩා විඳින සේවකයන්ට නැතහොත් මියගිය සේවකයන්ගේ යැපෙන්නන්ට එම වන්දි මුදල් ගෙවීම.

ආඥාපනතේ විධිවිධානවලට අනුව වන්දි මුදල් ගෙවීමට අදාළ පරීක්ෂණ පැවැත්විය යුත්තේ හදිසි අනතුරු සිදු වී ඇති ප්‍රදේශයේදීම ය. එහෙයින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දී ඒ සඳහා ජංගම අධිකරණ පවත්වනු ලැබේ.

මාරාන්තික හදිසි අනතුරු සම්බන්ධ වන්දි මුදල් ගෙවීම කළ යුත්තේ කම්කරු වන්දි කොමසාරිස්වරයා මගින් ය. එහෙත් මාරාන්තික නොවන හදිසි අනතුරුවලට අදාළ වන්දි මුදල් කම්කරු වන්දි කොමසාරිස්වරයාගේ අනුමතිය ඇතිව ආබාධිත සේවකයන්ට රෝගී සේවකයන්ට කෙළින්ම ගෙවිය හැකිය. එසේ කෙළින්ම මුදල් ගෙවනු ලබව අවස්ථාවලදී සේව්‍ය - සේවක දෙපක්ෂයෙන්ම එකඟත්වය ඇතිව මුදල් ගෙවූ බව ප්‍රකාශ වන සන්දේශයක් අත්සන් කොට කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි කිරීම සඳහා ඔහු වෙත යැවිය යුතුය.

මිය ගිය සේවකයන්ගේ බාලවයස්කාර යැපෙන්නන්ගේ යහපත තකා ඔවුන්ට ගෙවිය යුතු මුදල් කම්කරු වන්දි කොමසාරිස්වරයාගේ භාරකාරත්වය යටතේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තැන්පත් කරනු ලැබේ. ඔවුන්ගේ වයස අවුරුදු 18ක් සම්පූර්ණ වූ විට එම බැංකු පාස්පොත් ඔවුන්ට භාර දෙනු ලැබේ. නියමිත වයස් සීමාවට එළඹ නැති දරුවකුගේ අධ්‍යාපනය, නඩත්තුව සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා එම දරුවාට මුදල් සහාය අවශ්‍ය බවට සාක්ෂි ඇතිවිට එම බාලවයස්කාර යැපෙන්නාගේ බැරට බැංකුවේ ඇති මුදලට ලැබෙන පොලිය, කම්කරු වන්දි කොමසාරිස්වරයාගේ අභිමතය පරදි එම දරුවාගේ භාරකරුවන්ට ගෙවිය හැකි ය.

 

ඇමතුම් තොරතුරු,

පරිපාලන නිළධාරී
දුරකථන : + 94 011-2599662
ෆැක්ස් : + 94 011-2055267

නිල වෙබ් අඩවිය: www.ocwc.gov.lk