Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ පරිපාලන සහ ආයතන අංශය
පරිපාලන සහ ආයතන අංශය

පරිපාලන සහ ආයතන අංශය පරිපාලන, ආයතන සහ මාධ්‍ය යන ඒකක තුනින් සමන්විත වේ.

පරිපාලන ඒකකයට පරිපාලනය, ප්‍රසම්පාදනය, කළමනාකරණය, සාමාන්‍ය නඩත්තුව, පුහුණු කිරීම සහ අමාත්‍යාංශයක් අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක වන ආයතනත් සංවර්ධනය කිරීම යනාදී භාරදූර වගකීම් සම්භාරය පැවරී ඇත. ආයතන ඒකකය අමාත්‍යාංශයේත් කම්කරු සහ කම්කරු සබඳතා පිළිබඳ ගරු අමාත්‍යවරයාගේ කාර්යාලයේත් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ කටයුතු කරයි. එසේම පාර්ලිමේන්තුවේ අසන ප්‍රශ්න, මහජන පෙත්සම් කාරක සභාව, උපදේශක කමිටු, මානව අයිතිවාසිකම් කොමිෂන් සභාව සහ විවිධාකාර ඉල්ලීම් පිළිබඳ මහජනතාව විසින් එවනු ලබන විවිධාකාර ලිපි යන මේවාට අදාළ කටයුතු භාරව ක්‍රියා කරන්නේ ද මේ ඒකකයයි.

අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය අමාත්‍යාංශයත් අමාත්‍යාංශය යටතේ පවතින ආයතනත් විවිධ අවස්ථාවන්හිදී ඉටු කරනු ලබන කාර්ය මහජනයාටත් මාධ්‍ය සංවිධානවලටත් දැනුම් දීමේ වගකීම භාරව සිටී.

ඇමතුම් තොරතුරු,
වසන්ත ගුණරත්න මයා
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පරිපාලන)
දුරකථන : + 94 011-2582447
ෆැක්ස් : + 94 011-2368200
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ .