Skip to content
default color brick color green color
English (United Kingdom)Tamil (Sri Lanka)
ඔබ මෙතනයි:  මුල් පිටුව අංශ සැලසුම්, පර්යේෂණ සහ සංවර්ධන
සැලසුම්, පර්යේෂණ සහ සංවර්ධන අංශය

සැලසුම්, පර්යේෂණ සහ සංවර්ධන අංශයේ ප්‍රධාන කාර්ය පහත දැක්වේ.

  • අමාත්‍යාංශය සඳහාත් ඒ ය‍ටතේ ඇති අනෙකුත් ආයතන සඳහාත් වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීම.
  • අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතනවල මූල්‍ය සහ භෞතික ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඒ පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනයට සහාය වීම.
  • රාජ්‍ය ආයෝජන සැලැස්ම සකස් කොට ඉදිරිපත් කිරීම.
  • අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන, මෙම අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන පිළිබඳ කාර්ය සාධන ප්‍රගතිය නිරූපණය කෙරෙන කාර්ය සාධන වාර්තාව භාෂා තුනෙන්ම පිළියෙළ කොට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
  • කම්කරු විෂය පිළිබඳ 1950 වර්ෂයේ දී ආරම්භ කරන ලද ත්‍රෛමාසික සඟරාව වන “ ශ්‍රී ලංකා සේවක සඟරාව” සඟරාව සහ කම්කරු විෂය පිළිබඳ වෙනත් ප්‍රකාශන සංස්කරණය කිරීම සහ ප්‍රකාශයට පත් කිරීම.
  • රජයේ නිල මැයි දින ප්‍රකාශනය ප්‍රකාශයට පත් කිරීම.
  • අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන පිළිබඳ දත්ත සහ තොරතුරු ඇතුළත් අමාත්‍යාංශ වෙබ් අඩවිය යාවත්කාලීන කොට පවත්වා ගෙන යාම.
  • අමාත්‍යාංශයේ දේශීය රාජ්‍ය පරිගණක ජාලය (LGN) පවත්වා ගැනීම සහ පරිපාලනය කිරීම පිළිබඳ කටයුතු ඉටු කිරීම.
  • විද්‍යුත් පාලනය හා සම්බන්ධ කටයුතු සහ තොරතුරු තාක්ෂණ ආයතන සමග සම්බන්ධීකරණයෙන් ඒවා ඉටු කිරීම.
  • අමාත්‍යාංශයෙන් ද එහි අංශවලින් ද ඒ යටතේ ඇති ආයතනවලින් ද ව්‍යාපෘති වාර්තා ලබා ගෙන, ඒවා පිරිසැකසුම් කොට ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
  • රජයේ දස අවුරුදු (2006 - 2016) සැලැස්මේ කම්කරු අංශය සඳහා වන ඉලක්ක සපුරා ගැනීමට අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
  • සුනිසි මෙහෙවර පිළිබඳ ජාතික සැලැස්ම යටතේ වන ව්‍යාපෘතිය මෙහෙයවීම සසහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීම.
  • ප්‍රතිඵල පාදක කොට ගත්
  • වෙනත් විශේෂ ව්‍යාපෘති / වැඩසටහන් පිළිබඳ කරුණු.
ඇමතුම් තොරතුරු,
අධ්‍යක්ෂ - සැලසුම්, පර්යේෂණ සහ සංවර්ධන
දුරකථන / ෆැක්ස් : +94 11 2589703
විද්‍යුත් තැපෑල : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ